Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශ කාන්තාවෝ 25 දා එති
කාන්තා ශූරතාවලිය

බංග්ලාදේශ කාන්තාවෝ 25 දා එති

editorial - 2023 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

එක්දින අන්තර්ජාතික තරග තුනකට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග තුනකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම මේ මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එක්දින තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ශූරතාවලියට ඇතුළත් වන්නකි.

තුන්වැනි වතාවටත් පැවැත්වෙන අන්තර්ජාතික කාන්තා ශූරතාවලිය 2022 සිට 2025 දක්වා දිවෙන්නකි. අන්තර්ජාතික කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 9 වැනි සහ 10 වැනි ස්ථාන වල සිටි බංග්ලාදේශය සහ අයර්ලන්ත කණ්ඩායම් එක්වීමෙන් එය කණ්ඩායම් 10 ක් අතර පැවැත්වෙන ලීග් තරගාවලියක් බවට පත්වී තිබේ.

සෑම කණ්ඩායමක්ම තරග 3 කින් සමන්විත තරගාවලි 8 ක් බැගින් ක්‍රීඩා කළ යුතුව ඇත. ඒ අනුව කණ්ඩායමක් සඳහා තරග 24 කි. ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 02 ක් පිරිනැමෙන අතර ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් 5 සහ සත්කාරක රට 2025 දී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගනු ඇත. ඉතිරි කණ්ඩායම් වලට සුදුසුකම් තේරීමේ තරගාවලියකට මුහුණ දීමට සිදුවෙයි.

දැනට තරගාවලි දෙකකදී තරග 6 කට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ එක තරගයක් පමණි. ඒ වෙනුවෙන් ප්‍රසාද ලකුණු 02 ක් පමණක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රසාද ලකුණු පුවරුවේ 7 වැනි තැනට වැටී සිටිති. තරගාවලි දෙකකදී තරග 6 ක් ජයගත් ඉන්දියාව ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන ඇත.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගාවලියේ තරග තුනම කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී පැවැත්වෙයි.  විස්සයි-20 අන්තර්ජාතික තරග තුනම එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය. නිල එක්දින සහ විස්සයි-20 තරග වලට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පුහුණු තරග දෙකක් ද පැවැත්වෙයි.


තරග කාල සටහන
අප්‍රේල් 27 - පුහුණු එක්දින තරගය සී.සී.සී. පිටියේදී
අප්‍රේල් 29 - පළමු වැනි එක්දින තරගය පී. සරවනමුත්තු පිටියේදී
මැයි 2 - දෙවැනි වැනි එක්දින තරගය පී. සරවනමුත්තු පිටියේදී
මැයි 4 - තුන්වැනි වැනි එක්දින තරගය පී. සරවනමුත්තු පිටියේදී
මැයි 07 - පුහුණු විස්සයි-20 තරගය සී.සී.සී. පිටියේදී
මැයි 09 - පළමු වැනි විස්සයි-20 තරගය එස්.එස්.සී. පිටියේදී
මැයි 11 - දෙවැනි විස්සයි-20 තරගය එස්.එස්.සී. පිටියේදී
මැයි 12 - තුන්වැනි විස්සයි-20 තරගය එස්.එස්.සී. පිටියේදී

- 213

 


අදහස් (0)

බංග්ලාදේශ කාන්තාවෝ 25 දා එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.