Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වර්ගවාදය සම්බන්ධයෙන් කොයි කාගේ මතය කුමක් වූවත් “වැදගත්ම දේ අධ්‍යාපනයයි” යයි කොදෙව් නායක කරන් පොලාර්ඞ් කියයි. පොලාර්ඞ් එසේ කියා සිටියේ දකුණු අප්‍රිකානු තරගයට පෙර ක්වින්ටින් ඩි’කොක්ගේ හදිසි ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. කෙසේ වෙතත් ඩි’කොක්ගේ හදිසි ඉවත්වීම සම්බන්ධයෙන් විවාදයකට පැටලීම පොලාර්ඞ් මඟ හැරියේය.
කරන් පොලාර්ඞ් මෙන්ම ක්වින්ටින් ඩි’කොක්ද අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ සාමාජිකයෝ වෙති.
මේ වන විට ක්‍රීඩා ලෝකය පුරා පැතිර යන ’කළු ජීවිතත් වටිනවා” නම් වූ ව්‍යාපාරයට සහයෝගය දීමක් වශයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ද තරගයට පෙර දණ බිමතබා මිට මෙළවූ අත ඉහළට එසවිය යුතු යයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය නියෝග කර තිබිණ. මෙම නියෝගයට පිටුපාමින්, කොදෙව් පිලට එරෙහිව තරගය ආරම්භ වීමට විනාඩි කිහිපයක් තිබියදී ක්වින්ටින් ඩි’කොක් කණ්ඩායමෙන් ඉවත් විය.
ඩුබායිහිදී පැවැති මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ නමුත් වැඩි දෙනාගේ අවධානය යොමු වූයේ ඩි’කොක්ගේ ඉවත්වීම කෙරෙහිය.
“මේ සම්බන්ධයෙන් අපේ සිතිවිලි මොනවාද කියන්න ඔබ සියලු දෙනාම දන්නවා. කණ්ඩායමක් හැටියටත්, මිනිසුන් හැටියටත්, ඒ ගැන අපට දැඩි හැඟීමක් තියෙනවා. ඒ නිසා අපි දිගින් දිගටම එය (දණ බිම තබා මිට මෙළවූ අත ඉහළට එසවීම) කරනවා” යයි කරන් පොලාර්ඞ් පැවසීය.
“හැමෝටම තම තමන්ගේ අදහස් තියෙනවා. ඒත් මා හැම තිස්සේම කියන්නේ යම් කිසිවකු ඒ ගැන දැනුවත්ව, තේරුම්ගත්තාට පස්සේ, ඔහු කරන කියන දේ ගැන අපට වටහාගන්න පුළුවන් කියායි. ඒ නිසා මා කියන්නේ වැදගත්ම දේ අධ්‍යාපනයයි”
“ඒත් අපි වෙනුවෙන් සහයෝගය දැක්වීමට නැතහොත් අනුකම්පාව දැක්වීමට කවුරුත් එහෙම කිරීමේ තේරුමක් නෑ” යයිද කරන් පොලාර්ඞ් පැවසීය.
කොදෙස් තරගය ආරම්භ වීමට පෙර, දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ නියෝගය මත, දකුණු අප්‍රිකානු කණ්ඩායමත් දණ බිම තැබා අත් එසවූහ. මෙහි වඩාත්ම අවධානයට ලක්වූ දෙය නම් දකුණු අප්‍රිකානු පිලේ වත්මන් නායක ටෙම්බා බවුමා දකුණු අප්‍රිකාවේ පළමු වැනි කළු ජාතික ක්‍රිකට් නායකයා වීමයි.
විස්සයි-20 ලෝක කුසලානය දෙවරක් ජයගත් එකම කණ්ඩායම කොදෙව් කණ්ඩායමයි. ඩැරන් සැමීගේ නායකත්වය යටතේ 2012 දී සහ 2016 දී කොදෙව්වෝ විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්හ. එහෙත් මේ වනවිට තරග දෙකක් පරාජය වී සිටින වත්මන් ලෝක ශූරයෝ තරගාවලියෙන් ඉවතට විසිවීමේ දොරකඩ සිටිති. කොදෙව් පිලේ මීළඟ තරගය ලබන සිකුරාදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.