Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
යොවුන් ලෝක කුසලාන අනු ශූරතාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට, මෙවර තරගාවලියේ මූලික වටයේදී තරමක් අසීරු කාණ්ඩයක් යටතේ තරග වැදීමට සිදුව තිබේ. තෙවරක්ම යොවුන් ලෝක කුසලාන දිනා ඇති ඕස්ටේ‍්‍රලියාව, සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ස්කොට්ලන්තය එහිදී ශ්‍රී ලංකාවේ ප‍්‍රතිවාදීන් බවට පත්ව සිටියි.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු තරගය මේ මස 14 වැනිදා ස්කොට්ලන්ත පිලට එරෙහිව පැවැත්වේ.
කෙසේ වුවත් ‘ඩී’ කාණ්ඩය යටතේ සහභාගි වන පළමු තරගය ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වීම දුනිත් වෙල්ලාලගේ නායකත්ව යටතේ තරග වදින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තරමක් වාසි දායක වනු ඇත. සෙසු කණ්ඩායම් දෙක සිටින තත්ත්වය සමග බලන කළ ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ ජයග‍්‍රහණය සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවට වඩා වැදගත් වනු ඇත.
බංග්ලාදේශයට එරෙහිව 5-0 ක් ලෙසද, එංගලන්තයට එරෙහිව 3-2 ක් ලෙසද එක්දින තරගාවලීන් ජයගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, ඉන් අනතුරුව ආසියානු කුසලාන තරගාවලියේ අනු ශූරයන් බවට පත්වෙමින් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය දූපත් බලා ගියේය.
ඉකුත් සඳුදා (10 වැනිදා) පැවැති පෙරහුරු තරගයේදී ලකුණු 128 කින් අයර්ලන්තය පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් කී‍්‍රඩකයෝ, මූලික වටයේ තරග ආරම්භ වීමට පෙරාතුව අද (12 වැනිදා) උගන්ඩාවට එරෙහිව තවත් පෙරහුරු තරගයකට කී‍්‍රඩා කිරීමට සූදානමින් සිටියහ.
දෙවැනි පෙරහුරු තරගයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක වෙල්ලාලගේ කියා සිටියේ ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙ තරගයට සහභාගි වීම සඳහා සිය කණ්ඩායම යහපත් මානසිකත්වයක පසුවන බවත්, මූලික වටයේදී ප‍්‍රතිවාදීන්ට මුහුණදීම සඳහා අවශ්‍ය ශක්තිය කණ්ඩායම සතුව ඇති බවට තමා විශ්වාස කරන බවත්ය.
”අපිට හොඳ කණ්ඩායමක් තියෙනවා. මගේ ක‍්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලිය සඳහා හුඟක් උද්යෝගයෙන් ඉන්නේ. ඒ වගේම අපි හොඳ මානසිකත්වයකින් ඉන්නවා. අපේ හැකියාවන් පෙන්වන්න ලෝක කුසලාන තරගාවලිය අපට හොඳ අවස්ථාවක් වේවි කියලා මම හිතනවා.” යැයි වෙල්ලාලගේ එහිදී කියා සිටියේය.
”පසුගිය මාස කිහිපය තුළ අපි බංග්ලාදේශයට එරෙහිව තරගාවලියක් ජයගත්තා. පසුව එංගලන්තයට එරෙහිව තරගාවලියක් ජයගත්තා. ඊට පස්සේ අපි ආසියානු කුසලාන තරගාවලියට ගිහින් අනු ශූරයෝ වුණා. දැන් අපි ලෝක කුසලාන තරගාවලියට හොඳින් සූදානම් වෙලා ඉන්නෙ. පිතිහරඹය තමයි අපේ ශක්තිය. අපේ අපිට හොඳ පිතිකරු ලැයිස්තුවක් වගේම සමබර කණ්ඩායමක් ඉන්නවා.” යැයිද නායකයා පැවසීය.
”අපි ක‍්‍රීඩා කරන පළමු තරගය තියෙන්නෙ ස්කොට්ලන්තයට එරෙහිව. ඒත් අපි ඒ තරගය සැහැල්ලූවට ගන්නේ නෑ. ඊට පස්සෙ ඕස්ටේ‍්‍රලියා සහ බටහිර ඉන්දීය කොදෙව් තරග දෙක තියෙනවා. කොදෙව් සහ ඕස්ටේ‍්‍රලියා තරග අපිට වඩාත් තීර්ණාත්මක වේවි කියලා මම හිතනවා. ඒ කණ්ඩායම්වලට එරෙහිව හොඳ සටනක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.” වෙල්ලාලගේ සඳහන් කළේය.
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ සාර්ථකම නායකයෙකු වන මහේල ජයවර්ධන මෙම තරගාවලියේදී පුහුණු උපදේශකවරයකු ලෙස සිය කණ්ඩායම සමග එක්ව සිටීම සම්බන්ධයෙන් මහත් සතුටට පත්ව සිටින වෙල්ලාලගේ, ඔහුගෙන් කණ්ඩායමට ලැබෙන දැනුම සහ අත්දැකීම් මිල කළ නොහැකි බවද වැඩි දුරටත් කියා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.