Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතිලි මත ඉතා දක්ෂ ලෙස පිතිහරඹයේ නිරත වූ සංචාරක බංග්ලාදේශ කී‍්‍රඩකයෝ මවුන්ට් මවුන්ගානුයිහි බේ ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 401 ක් ලබා සිටියහ. ඒ අනුව ඔවුහු තවත් කඩුලූ 4 ක් අතැතිව සත්කාරක නවසීලන්තයට වඩා ලකුණු 73 ක් ඉදිරියෙන් පසුවූහ.
තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට යසිර් අලී ලකුණු 11 ක්ද, මෙහෙදි හසන් හතරේ පහර 4 ක් සමග ලකුණු 20 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. දෙවැනි දින වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 175 ක් ලබා සිටි බංග්ලාදේශ කී‍්‍රඩකයෝ අද දිනයේදී කඩුලූ 4 අහිමිකර ගනිමින් සිය පළමු ඉනිමට තවත් ලකුණු 226 ක් එක්කර ගත්හ.
අද දිනයේදී ලකුණු පුවරුවට ලකුණු 9 ක් එක්වන විට මහමදුල් හසන් ලකුණු 78 කට පිටියෙන් ඉවත් කිරීමට නීල් වැග්නර් සමත් විය. හෙන්රි නිකෝල්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට හසන්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ.
නායකත්වයේ පිතිහරඹයක නිතර වෙමින් හතරේ පහර 12 ක් සමග ලකුණු 88 ක් රැස්කළ මොමිනුල් හක් දැවී ගියේ ටේරන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.
හයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ලිටන් දාස් (86) සමග එක්ව බංග්ලාදේශ ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 158 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මොමිනුල් සමත් විය. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ දාස් හතරේ පහර 10 කින් සිය ඉනිම සැරසුවේය. ටේරන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ ටොම් බ්ලන්ඩල් අතට උඩ පන්දුවක් දෙමින් දාස් දැවී ගියේ අද දිනයේදී බිඳවැටුණ අවසන් කඩුල්ල බවට පත්වෙමිනි.
නවසීලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 328
බංග්ලාදේශ පළමු ඉනිම - කඩුලූ 6 ක් දැවී 401
(සද්මන් ඉස්ලාම් 22, මහමදුල් හසන් 78, නජ්මුල් හොසේන් 64, මොමිනුල් හක් 88, ලිටන් දාස් 86, මෙහෙදි හසන් නොදැවී 20, ටේරන්ට් බොල්ට් 61/3, නීල් වැග්නර් 98/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.