Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පිතිකරුවෝ කොල්කටා ජය ඉක්මන් කරති
අයි.පී.එල්. - 2024

පිතිකරුවෝ කොල්කටා ජය ඉක්මන් කරති

editorial - 2024 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 10 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕවර 16.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 39 ක් රැස්කළ නායක ශ්‍රෙයාස් අයියර් හයේ පහරකින්ම කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

මුලු ලකුණු සංඛ්‍යාව 92 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී ගිය අතර එතැන් පටන් වෙන්කටේෂ් අයියර් (50) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 75 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශ්‍රෙයාස් සමත් විය. පන්දු 30 කදී ලබාගත් වෙන්කටේෂ්ගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. 

ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 86 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ පිල්ප් සෝල්ට් (30) සහ සුනිල් නරේන් (47) කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 22 කට මුහුණදුන් නරේන් හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින්ද, පන්දු 20 කට මුහුණදුන් සෝල්ට් හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින්ද සිය ඉනිම් සැරසූහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබාගත් අතර බෙංගලූරු ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු විරාට් කෝලි, පන්දු 59 කින් නොදැවී ලකුණු 83 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 

මුලු ලකුණු සංඛ්‍යාව 17 ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස නායක ෆෆ් ඩුප්ලෙසි (8) දැවී යෑමෙන් අනතුරුව කැමරන් ග්‍රීන් (33) සමග එක්වූ කෝලි දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බෙංගලූරු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 21 කදී වාර්තා වූ ග්‍රීන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. 


රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 182 
(විරාට් කෝලි නොදැවී 83, කැමරන් ග්‍රීන් 33, ග්ලේන් මැක්ස්වෙල් 28, දිනේෂ් කාර්තික් 20, ඔන්ඩි්‍ර රසල් 29/2, මිචෙල් ස්ටාක් 47/2) 

කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 16.5 කදී කඩුලු 3 කට 186 
(පිලිප් සෝල්ට් 30, සුනිල් නරේන් 47, වෙන්කටේෂ් අයියර් 50, ශ්‍රෙයාස් අයියර් නොදැවී 39) 

-036 


අදහස් (0)

පිතිකරුවෝ කොල්කටා ජය ඉක්මන් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.