Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානු බලාපොරොත්තුවට වැස්ස හරස් වේද

පාකිස්තානු බලාපොරොත්තුවට වැස්ස හරස් වේද

editorial - 2021 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆවාඩ් අලාම්ගේ ශතකයත්, ශහීන් අෆ්රීඩිගේ පන්දු යැවීමත් නිසා කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණයක් කෙරේ බලාපොරොත්තු රැඳවීමට පාකිස්තානුවන්ට හැකිවී තිබේ. එහෙත් පළමු තරගයේදී කඩුල්ලක තියණු ජයක් ලබාගත් කොදෙව් පිල තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර පාකිස්තානයේ බලාපොරොත්තුවලට වර්ෂාව හරස් වෙමින් තිබේ.

ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ තුන්වැනි දිනය වූ ඉරිදා සවස ක්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල සිය මුල් ඉනිමේ කඩුලු 3 ක් ලකුණු 39 කදී අහිමි කරගෙන තිබිණ.

වර්ෂාව නිසා තරගයේ දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම අපතේ ගිය අතර පාකිස්තානුවෝ කඩුලු 9 කට ලකුණු 302 ක් ලබාසිය මුල් ඉනිම අත්හිටවූහ. ඒ වන විට පාකිස්තානු කණ්ඩායම ලකුණු 263 ක් ඉදිරියෙන් සිටි නමුත් තරගයේ තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණි. තෙතබරිත පිටිය නිසා තුන්වැනි දිනයේ වුවද තරගය හරිහැටි ආරම්භ වූයේ දිවා ආහාරයෙන් පසුවය.

කඩුලු 4 කට ලකුණු 212 ක් ව තිබියදී ආරම්භ කළ පාකිස්තානු ඉනිම දිනයේ ඉතිරි කොටස පුරාම දිගහැරුණේ සත්කාරකයන්ට පැයක පමණ කාලයක් ඉතිරි කරමිනි. පාකිස්තානුවන්ගේ එකම අරමුණ වූයේ ලකුණු 300 කඩයිම පැනගැනීමයි. මේ අතර කාලයේදී කඩුලු දෙක බැගින් දවාගැනීමට ජේඞ්න් සීල්ස් සහ ජේසන් හෝල්ඩර් සමත් වූහ.

අධික උෂ්ණත්වය නිසා ඇතිවූ මස්පිඬු පෙරළීම් හේතුවෙන් ක්‍රීඩාගාරයට ගිය ෆවාඞ් අලාම් නොදැවී ලකුණු 76 ක් ලබා සිටියදී ඉනිම ආරම්භ කළේය. අවසන් වරට ක්‍රීඩා කළ ඉනිම 12 දී සිව්වැනි ටෙස්ට් ශතකයත් ලබාගත් ෆවාඞ් අලාම් තහවුරු කළේ වසර 11 ක් පුරා තමන්ව කණ්ඩායමෙන් ඉවත් කර තැබීම අසාධාරණයක් බවයි. 2009 දී ටෙස්ට් වරම් ලද ෆවාඞ් නැවතත් ටෙස්ට් පිටියට පැමිණියේ මෑතකදීය.

පැය 6 කට වැඩි කාලයක් පිටියේ රැඳුණු ෆවාඞ්, පන්දු 213 කට මුහුණ දෙමින් ලකුණු 124 ක් ලබාගත්තේ හතරේ පහර 17 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

“මාව හැමදාමත් දිරිමත් කළේ මගේ තාත්තා... තාත්තා මට කිව්වේ දිගින් දිගටම උත්සාහ කරන්න, මගේ වෙලාව එයි කියලා.. දැන් වෙලාව ඇවිත් තියෙනවා. මම ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලනවා” යයි ෆවාඞ් අලාම් ශතකය ලබාගැනීමෙන් පසුව පැවසීය.


පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 9 ට 302 යි
(බාබර් අසාම් 75, ෆවාඞ් අලාම් 124, මොහොමඞ් රිස්වාන් 31, ෆහීම් අශ්රෆ් 26, ශහීන් අෆ්රීඩි 19, කෙමර් රෝච් 68/3, ජෙඞ්න් සීල්ස් 31/3, ජේසන් හෝල්ඩර් 46/2)

බ.ඉ.කොදෙව් - පළමු ඉනිම කඩුලු 3 ට 39
(නිකෲමා බෝනර් නොදැවී 18, රොස්ටන් චේස් 10, ශහීන් ෂා අෆ්රීඩි 13/2)

- 213


අදහස් (0)

පාකිස්තානු බලාපොරොත්තුවට වැස්ස හරස් වේද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.