Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානු කාන්තා පිලට කඩුලු 8 ක ජයක්
පාකිස්තානු සංචාරය

පාකිස්තානු කාන්තා පිලට කඩුලු 8 ක ජයක්

editorial - 2022 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුලාම් ෆාතිමාගේ (21/4) පන්දු යැවීමත්, සිද්‍රා අමීන්ගේ (76) සහ බිස්මා මාරූෆ්ගේ (නොදැවී 62) අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කරච්චිහිදී අද (1 වැනිදා) පැවැති පළමු එක්දින තරගය කඩුලු 8 කින් ජය ගැනීමට පාකිස්තානු කාන්තා කණ්ඩායම සමත්විය. ඒ අනුව අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගත් පාකිස්තානු කාන්තා පිලට ප්‍රසාද ලකුණු 2 ක් ද හිමිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු කාන්තා කණ්ඩායම ඕවර 41.5 කදී කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර යෑමට සමත්විය.

පළමු කඩුල්ල ලකුණු 25 කදී දැවී යාමත් සමගින් දෙවැනි කඩුල්ල සඳහා එක්වූ සිද්‍රා අමීන් සහ බිස්මා මාරූෆ් පන්දු 200 කදී ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

එහිදී සිද්‍රා අමීන් පන්දු 119 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 76 ක් සහ නායිකා බිස්මා මාරූෆ් පන්දු 101 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 62 ක් ලබාගැනීමට සමත්වූහ.

ඕවර 5 ක් යැවූ අචිනි කෞෂල්‍යා නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 13 කට කඩුල්ලක් සහ ඕෂදී රණසිංහ ඕවර 8.5 ක් යවමින් ලකුණු 35 කට කඩුල්ලක් බිඳ හෙළීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 47.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 169 ක් පමණි.

කවීෂා දිල්හාරී පන්දු 50 කදි හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 49 ක් ලබාගත් අතර සෙසු පිතිකාරිණියන්ගේ දුර්වල පිතිහරඹයන් හමුවේ ශ්‍රී ලංකා කාන්තා පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි විය.

ප්‍රසාදනී වීරක්කොඩි පන්දු 44 කදි හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් ලබාගත් අතර චමරි අතපත්තු පන්දු 39 කදි හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් ලබාගත්තාය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගුලාම් ෆාතිමා සිය ඕවර 10 තුලදී නිලකුණු ඕවර 2 ක් ද සමගින් ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගත් අතර ෆාතිමා සානා සහ සාදියා ඉක්බාල් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

තරගයේ වීරයාට හිමි සම්මානය ගුලාම් ෆාතිමා විසින් හිමිකර ගත්තාය.


ශ්‍රී ලංකාව - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී 169
(චමරි අතපත්තු 25, ප්‍රසාදනී වීරක්කොඩි 30, කවීෂා දිල්හාරී නොදැවී 49, ගුලාම් ෆාතිමා 21/4, ෆාතිමා සානා 24/2, සාදියා ඉක්බාල් 30/2)

පාකිස්තානය - ඕවර 41.5 කදී කඩුලු 2 ක් දැවී 170
(සිද්‍රා අමීන් 76, බිස්මා මාරූෆ් නොදැවී 62)

 

බිස්මා මාරූෆ් ...

 

කවීෂා දිල්හාරී ...

 

- 2079

 


අදහස් (0)

පාකිස්තානු කාන්තා පිලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.