Last Update  :  2025-08-13 12:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානයට සැනසිලිසහගත ජයක්

පාකිස්තානයට සැනසිලිසහගත ජයක්

editorial - 2020 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොහොමඩ් රිස්වාන්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් නවසීලන්තයට එරෙහිව නේපියර්හිදී පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 4 ක් පහසු වාර්තා කිරීමට පාකිස්තානය ඊයේ (22 වැනිදා) සමත් විය. මෙම තරගයෙන් පරාජය වුවද, පළමු සහ දෙවැනි තරග ජයගෙන සිටීම හේතුවෙන් 2-1 ක් ලෙස දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලියේ ජය නවසීලන්ත සතුවිය.

තෙවැනි තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිතිකරුවෝ කඩුලු 6 ක් දැවී පන්දු 2 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. කඩුලු රකින්නා මෙන්ම ආරම්භක පිතිකරුවාද වන මොහොමඩ් රිස්වාන් පන්දු 59 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග වේගවත් ලකුණු 89 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.

හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඉෆ්තිකාර් අහමඩ් පන්දු 7 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 14 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 99 ක් රැස්කළ මොහොමඩ් හෆීස්, මෙම තරගයේදීද පන්දු 29 කින් වේගවත් ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්තේය. නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඩෙවෝන් කොන්වේ පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 63 ක් රැස්කළේය. ග්ලේන් පිලිප්ස් (31) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කොන්වේ සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෆාහීම් අෂ්රෆ් සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ගේ කඩුල්ලද සමගිනි. ශහීන් ෂා අෆ්රිඩි සහ හාරිස් රවුෆ් කඩුලු 2 බැගින් දවාගනිමින් නවසීලන්ත පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා අෂ්රෆ්ට අනගි සහායක් දුන්හ.

පළමු තරග දෙකේදීම අර්ධ ශතක ලබාගත් නවසීලන්ත ආරම්භක පිතිකරු ටිම් සෙයිෆට්, මෙම තරගයේදීද හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 සමග පන්දු 20 කින් ලකුණු 35 ක් රැස්කරමින් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේය.


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 7 කට 173

(මාටින් ගප්ටිල් 19, ටිම් සෙයිෆර්ට් 35, ඩෙවෝන් කොන්වේ 63, ග්ලේන් පිලිප්ස් 31, ස්කොට් කුග්ලීජන් 14, ෆාහීම් අෂ්රෆ් 20/3, ශහීන් ෂා අෆ්රිඩි 43/2, හාරිස් රවුෆ් 44/2)


පාකිස්තානය - ඕවර 19.4 කදී කඩුලු 6 කට 177

(මොහොමඩ් රිස්වාන් 89, මොහොමඩ් හෆීස් 41, ඉෆ්තිකාර් අහමඩ් නොදැවී 14, ටිම් සවුති 25/2, ස්කොට් කුග්ලීජන් 40/2)


- 036


අදහස් (0)

පාකිස්තානයට සැනසිලිසහගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.