Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහිව ඩකා නුවර ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 8 ක ජයක් ලැබූ පාකිස්තානය, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. ඉනිම් දෙකේදී කඩුලූ 12 ක් දවාගත් පාකිස්තාන පිට දඟ පන්දු යවන කී‍්‍රඩක සජීඞ් ඛාන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා ලකුණු 213 ක් රැුස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් බංග්ලාදේශයට තරගයේ අවසන් දිනය වූ අද (8 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 205 ක් පමණි.
සිවුවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය නතර කරන විට කඩුලූ 7 ක් දැවී ලකුණු 76 ක් ලබා සිටි බංග්ලාදේශ කී‍්‍රඩකයෝ අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 129 ක් එක්කර ගත්තේය.
එහිදී සිය 26 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට සකීබ් අල් හසන් සමත් වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 9 කින් සමන්විත විය. බංග්ලාදේශ ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි සකීබ්, 7 වැනි කඩුල්ල වෙනුවෙන් මෙහෙදි හසන් මිරාස් (14) සමග එක්ව ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.
එහෙත් එම සම්බන්ධතාව බංග්ලාදේශය පරාජයෙන් ගළවාගැනීමට තරම් ප‍්‍රමාණවත් නොවීය.
පළමු ඉනිමේදී ලකුණු 42 කට කඩුලූ 8 ක් දවාගත් සජීඞ් ඛාන් දෙවැනි ඉනිමේදීද දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 86 කට කඩුලූ 4 ක් බිඳහෙළුවේය.
පාකිස්තාන කණ්ඩායමට ඉනිමක ජයක් ලබාදීම සඳහා සජීඞ්ට අනගි සහායක් දුන් ශහීන් අෆ්රිඩි සහ හසන් අලී කඩුලූ 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පාකිස්තාන පළමු ඉනිම - කඩුලූ 4 ක් දැවී 300
බංග්ලාදේශ පළමු ඉනිම - සියලූ දෙනා දැවී 87
බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 205
(මුෂ්ෆිකුර් රහීම් 48, ලිටන් දාස් 45, සකීබ් අල් හසන් 63, මෙහෙදි හසන් 14, සජීඩ් ඛාන් 86/4, ශහීන් අෆ්රිඩි 31/2, හසන් අලී 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.