Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තාන ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය දිනති
පාකිස්තානු සංචාරය

පාකිස්තාන ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය දිනති

editorial - 2022 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නියන්ගේ කැපී පෙනුණ දස්කම් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව අද (26 වැනිදා) කරච්චිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පාකිස්තාන පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 102 ක් පමණි. එහිදී පන්දු යැවීමේ නිරත වූ පාකිස්ථාන ක්‍රීඩිකාවන් පස්දෙනාම කඩුල්ල බැගින් දවාගත් අතර නීඩා ඩාර් සහ කඩුලු රකින ක්‍රීඩිකා මුනීබා අලී දුවද්දී දවාගැනීමකට දායක වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ ආරම්භක පිතිකාරිණී හසිනි පෙරේරා පන්දු 51 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 35 රැස්කළාය. හර්ෂිතා මාධවී පන්දු 15 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක් රැස්කළ අතර නිලක්ෂි ද සිල්වා ලකුණු 21 ක් රැස්කලේ පක්දු 21 කිනි. පිට පිටම දෙවැනි වරටත් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වූ නායිකා චමරි අතපත්තු ලකුණු 5 ක් ලබා සිටියදී දැවී ගියාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 103 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩිකාවෝ පන්දු 17 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ අයේෂා නසීම් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 45 ක් රැස්කරමින් පාකිස්තාන කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.


ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 102
(හසිනි පෙරේරා 35, හර්ෂිතා මාධවී 16, නිලක්ෂි ද සිල්වා 21)

පාකිස්තාන කාන්තා පිල - ඕවර 17.1 කදී කඩුලු 3 කට 104
(මුනීබා අලී 17, බිස්මා මරූෆ් නොදැවී 22, අයේෂා නසීම් නොදැවී 45)

-036  

 


අදහස් (0)

පාකිස්තාන ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.