Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ප්‍රමෝද් මධුෂාන් අතිරේක ක්‍රීඩකයකු ලෙස සංචිතයට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ප්‍රමෝද් මධුෂාන් අතිරේක ක්‍රීඩකයකු ලෙස සංචිතයට

editorial - 2023 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ සිට..)

වේග පන්දු යවන ක්‍රීඩක ප්‍ර‍මෝද් මධුෂාන් අතිරේක ක්‍රීඩකයකු ලෙස ලෝක කුසලාන තරගාවලියට සහභාවී සිටින ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීම සඳහා ඉන්දියාවට පැමිණ සිටියි. අද පස්වරුවේ (1 වැනිදා) පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසිය සඳහාද එක්ව සිටි ප්‍රමෝද්, පුහුණු දැළ තුළ පන්දු යැවීමේද නිරත විය.

මෙවර තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම විවිධ ආබාධයන්ට ලක්වූ බැවින් ඉදිරි තරගයකදී තවත් ක්‍රීඩකයකු අබාධයකට ලක් වුවහොත් එම ක්‍රීඩකයා වෙනුවට ආදේශ කිරීම සඳහා ප්‍රමෝද් ඉන්දියාවට කැඳවූ බව ‘ලංකාදීප’ කළ විමසුමකදී කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය.

දසුන් ශානක, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයන් මෙවර තරගාවලිය තුළදී විවිධ ආබාධවලට ලක් වූ අතර ඔවුන් අතරින් තීක්ෂණ හැරුණුකොට සෙසු ක්‍රීඩකයන් සංචිතයෙන් ඉවත් කරමින් ඔවුන් වෙනු‍වට චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය පියවර ගත්තේය.

ආබාධයන්ට ලක්ව සංචිතයෙන් ඉවත් වූ ක්‍රීඩකයන් අතරින් මතීෂ පතිරණ සහ ළහිරු කුමාර ආපසු ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය, තවදුරටත් දසුන් ශානක සංචිතය සමග රඳවා ගැනීමටද කටයුතු කළේය.

මේ වන විට දසුන් යළිත් පුහුණුවීම් ආරම්භ කර ඇති අතර පුහුණු දැළ තුළ පන්දු යැවීමේ මෙන්ම පන්දුවට පහරදීමේද නිරත විය. අද පැවැති පුහුණු සැසිය තුළදීද ඔහු දඟ පන්දු යවන්නන්ට විශාල හයේ පහර එල්ල කළ අයුරු දක්නට ලැබිණ.


අදහස් (0)

ප්‍රමෝද් මධුෂාන් අතිරේක ක්‍රීඩකයකු ලෙස සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.