Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පළමු විස්සයි20 තරගයේ ජය එංගලන්තයට

පළමු විස්සයි20 තරගයේ ජය එංගලන්තයට

editorial - 2019 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංණයේදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද (1 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජෙම්ස් වින්ස් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 59 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝ පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක්ද, නායක ඔයින් මෝගන් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 34 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයට සිය දායකත්වය සැපයූහ.

නවසීලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්නර්, සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කළේ එංගලන්ත ඉනිමේ බිඳවැටුණ කඩුලු 3 ම තමන් සතුකර ගනිමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 153 ක් රැස්කළ අතර නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රොස් ටේලර් එහිදී පන්දු 35 කින් ලකුණු 44 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද සමගිනි.

ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක්ද, ටිම් සෙයිෆට් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 32 ක්ද රැස්කළහ. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 17 කට මුහුණදුන් ඩර්ලි මිචෙල් එහිදී නොදැවී වේගවත් ලකුණු 30 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 5 කට 153
(කොලින් මුන්රෝ 21, ටිම් සෙයිෆට් 32, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 19, රොස් ටේලර් 44, ඩර්ලි මිචෙල් නොදැවී 30, ක්‍රිස් ජෝඩාන් 28/2)

එංගලන්තය ඕවර 18.3 කදී කඩුලු 3 කට 154
(ජොනී බෙයාස්ටෝ 35, ජේම්ස් වින්ස් 59, ඔයින් මෝගන් නොදැවී 34, සෑම් බිලින්ස් නොදැවී 14, මිචෙල් සෑන්ට්නර් 23/3)


-036

 


අදහස් (0)

පළමු විස්සයි20 තරගයේ ජය එංගලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.