Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඞ්නිහිදී අද (3 වැනිදා) පැවැති පළමු විස්සයි20 තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 15 කදී ලකුණු 119 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 3.1 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 41 ක් ලබා සිටියේය.
ආරම්භක පිතිකරුවන් වූ නායක ඒරන් ෆින්ච් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 37 ක්ද, ඬේවිඞ් වෝනර් පන්දු 4 කදී ලකුණු 2 ක්ද ලබා තරගය නතර කරන විට කඩුල්ලේ රැදී සිටියහ. පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ මොහොමඞ් ඉර්ෆාන් යැවූ දෙවැනි ඕවරයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 26 ක් රැස්කිරීමටද ෆින්ච් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 15 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටියදී තරගයට පළමු වරට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ වන විට වේගවත් පිතිහරඹයක නිතර වෙමින් සිටි නායක බාබර් අසාම් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 59 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 10 ක් වන විට ෆකාර් සමාන් (0) සහ හාරිස් සොහේල් (4) පිටියෙන් ඉවත් කිරීමට මිචෙල් ස්ටාක් සහ කේන් රිචඞ්සන් සමත් වුවත්, මොහොමඞ් රිස්වාන් (31) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අසාම් සමත් විය. පන්දු 33 කදී වාර්තා වූ රිස්වාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීම නිතර වූ කේන් රිචඞ්සන් ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගත් අතර මිචෙල් ස්ටාක් ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත් විය.
පාකිස්තානය - ඕවර 15 කදී කඩුලු 5 ක් දැවී 107
(බාබර් අසාම් නොදැවී 59, මොහොමඞ් රිස්වාන් 31, කේන් රිචඞ්සන් 16/2, මිචෙල් ස්ටාක් 22/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 3.1 කදී කිසිවකු නොදැවී 41
(ඒරන් ෆින්ච් නොදැවී 37)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.