Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එස්.එස්.සී ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ පළමු දිනය වූ අද (14 වැනිදා) ඇතිවූ වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමටත් පොරතුවම මුල් දිනයේ කී‍්‍රඩාව අතැර දමන ලදි.
එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේ තණතීරුව වසාදමා ඇතත් හතරේ සීමාව අවට පිටිය බොහෝ සෙයින් තෙත බරිත වී තිබේ. අද සවස 6.00 ට පමණ ආරම්භ වූ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගය හෙට දිනයේත් නියමිත වේලාවට ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ අවිනිශ්චිතතාවකි.
මෙම තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිවි ඇත. ක‍්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සභාපතිවරයාගේ සංචිතය සඳහා ටෙස්ට් ක‍්‍රීඩකයින් වන රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්, පැතුම් නිස්සංක, ඕෂධ ප‍්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, අසිත ප‍්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප‍්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් නම් කර තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.