Last Update  :  2025-10-27 19:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට

පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට

editorial - 2025 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව මවුන්ට් මන්ගනුයි නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (26 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර 36.4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ඩර්ලි මිචෙල් පන්දු 91 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 78 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ලකුණු 66 ක් තුළ නවසීලන්ත ඉනිමේ කඩුලු 4 ක් බිඳවැටුණු නමුත්, 5 වැනි කඩුල්ල වෙනුවෙන් මයිකල් බ්‍රාස්වෙල් (51) සමග එක්ව පන්දු 92 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැඟමටද මිචෙල් සමත් විය. එහිදී පන්දු 51 කින් නොදැවී ලකුණු 51 ක් ගොඩනැගීමට බ්‍රාස්වෙල් සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 35.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 223 ක් පමණි. සෙසු පිතිකරවන් අසාර්ථ වෙද්දී, හුදෙකලා පිතිහරඹයක නිතර වූ හැරී බෘක් පන්දු 101 කට මුහුණ දෙමින් අගනා ශතකයක් (135) ලබා ගත්තේය. ඔහුගේ එම ප්‍රවේගකාරී ඉනිම හයේ පහර 11 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත වේ. 

පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වෙද්දී, ජිමී ඕවර්ටන් (46) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනගැගීමට හැරී බෘක් සමත් විය. පන්දු 54 කදී වාර්තා වූ ඕවර්ටන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. 


එංගලන්තය - ඕවර 35.2 කදී සියලු දෙනා දැවී 223 
(හැරී බෘක් 135, ජිමී ඕවර්ටන් 46, සකාරි ෆෝල්ක්ස් 41/4, ජෙකොබ් ඩෆී 55/3, මැට් හෙන්රි 53/2) 

නවසීලන්තය - ඕවර 36.4 කදී කඩුලු 6 ක් දැවී 224
(රචින් රවින්ද්‍ර 17, ඩර්ලි මිචෙල් නොදැවී 78, ටොම් ලේතම් 24, මයිකල් බ්‍රාස්වෙල් 51, මිචෙල් සෑන්ට්නර් 27, බ්‍රෙන්ඩන් කෘස් 45/3) 

-036 


අදහස් (0)

පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.