Last Update  :  2025-06-28 12:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පන්ජාබ් කින්ග්ස් අවසන් වටයට එති
අයි.පී.එල් - 2025

පන්ජාබ් කින්ග්ස් අවසන් වටයට එති

editorial - 2025 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 59 වැනි තරගය ලෙස පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ජායිපූර් නුවරදී ඊයේ (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කණ්ඩායම සමත් විය. 

පන්ජාබ් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 8 වැනි ජයග්‍රහණය මෙය වූ අතර මෙම ජයත් සමග තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමටද පන්ජාබ් කණ්ඩායමට හැකි විය. රාජස්ථාන් කණ්ඩායම මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී ඇති බැවින් මෙම තරගයේදී ලැබූ පරාජයෙන් ඔවුන්ට කිසිදු බලපෑමක් සිදු නොවීය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්යක් හඹාගිය ගිය රාජස්ථාන් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 209 ක් පමණි. රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූ ධෘව් ජුරෙල් පන්දු 31 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 53 ක්ද, යෂස්වි ජයිස්වාල් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 50 ක්ද රැස්කළහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 219 ක් ලබාගත් අතර අගනා පිතිහරඹයක නිරත වූ නෙහාල් වධීරා පන්දු 37 කින් ලකුණු 70 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ශාෂන්ක් සිං පන්දු 30 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 59 ක් රැස්කළේය. 


පන්ජාබ් කින්ග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 219 
(ප්‍රභ්සිම්රන් සිං 21, නෙහාල් වධීරා 70, ශ්‍රෙයාස් අයියර් 30, ශාෂන්ක් සිං නොදැවී 59, අස්මතුල්ලා ඔමර්සායි නොදැවී 21, තුෂාර් දේෂ්පාණ්ඩේ 37/2) 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 209 
(යෂස්වි ජයිස්වාල් 50, විභව් සූර්යවංශි 40, සංජු සැම්සන් 20, ධෘව් ජුරෙල් 53, මාර්කෝ ජැන්සන් 41/2, අස්මතුල්ලා ඔමර්සායි 44/2) 

 

-036 


අදහස් (0)

පන්ජාබ් කින්ග්ස් අවසන් වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.