Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දුගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් ග්ලූස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවැති විස්සයි-20 තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ඊයේ (29 වැනිදා) සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ඕවර 20 අවසනයේ කඩුලු 4 ක් දැවී ලකුණු 205 ක් ලබාගත්තේය. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු පන්දු 67 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 126 ක් රැස්කළේය.
නිපුන් ධනංජය (31) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 80 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද නුවනිඳු සමත් විය. පන්දු 22 කදී වාර්තා වූ නිපුන්ගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත වූ අතර ආරම්භක පිතිකරු නිෂාන් මධුෂංක පන්දු 16 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද, නායක ධනංජය ලක්ෂාන් පන්දු 11 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 14 ක්ද රැස්කළහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය ග්ලූස්ටර්ෂයර් කණ්ඩායමට ඕවර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිපුන් රංසික ඕවර 2.3 ක් යවා ලකුණු 11 කට කඩුලු 4 ක් බිඳහෙළමින් ග්ලූස්ටර්ෂයර් ප්‍රාන්ත ඉනිම අඩ පණ කළේය.
ග්ලූස්ටර්ෂයර් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා රංසිකට අනගි සහායක් දුන් ධනංජය ලක්ෂාන් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගත් අතර දිලුම් සුදීර, නිපුන් මාලිංග සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් බිඳහෙළුෑහ.
ග්ලූස්ටර්ෂයර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බෙන් වෙල්ස් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 42 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු ඔලිවර් ප්‍රින්ස් පන්දු 23 කින් ලකුණු 33 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. එහිදී පිතිකරුවන් 7 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නැඟී එන පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා නැඟී එන පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 205
(නිෂාන් මධුෂංක 20, නුවනිඳු ප්‍රනාන්දු 126, නිපුන් ධනංජය 31, ධනංජය ලක්ෂාන් 14)
ග්ලූස්ටර්ෂයර් ප්‍රාන්ත පිල - ඕවර 16.3 කදී සියලු දෙනා දැවී 138
(ඔලිවර් ප්‍රින්ස් 33, බෙන් වෙල්ස් 42, ටොම් ප්‍රයිස් 25, මැට් ටේලර් 18, නිපුන් රංසික 11/4, ධනංජය ලක්ෂාන් 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.