Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා නම් කළ 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නුවනිඳු ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට ඉතාම ආසන්න ඉරියවකින් පන්දු යවන්න මතීෂ පතිරණට අමතරව, තවත් එවැනිම පන්දු යවන්නකු වන නුවන් තුෂාරද මෙවර ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටී.
එංගලන්ත සංචාරයේදී පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිත පිල වෙනුවෙන් ග්ලෝස්ටර්ෂයර් පිලට එරෙහිව ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් අගනා ශතකයක් ලබාගත් නුවනිඳු ප්‍රනාන්දු පළමු වරට ජාතික කණ්ඩායමට කැඳවා ඇත. නුවනිඳු ප්‍රනාන්දු යනු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දුගේ බාල සොහොයුරාද වෙයි.
ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය අරමුණු කරගනිමින් නම් කරන ලද 26 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයේ ස්ථානයක් හිමිනොවූ නුවනිඳු ප්‍රනාන්දුට, එංගලන්තයේදී පන්දු 67 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලබාගත් ශතකය හේතුවෙන් ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිවිය.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් තරග කිහිපය ක්‍රීඩා කරමින් පන්දුවෙන් දස්කම් දැක්වීම හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ පැසසුමට ලක්වූ මතීෂ පතිරණද මෙවර ඕස්ට්‍රේලියානු සංචිතයට නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත. හිටපු වේගපන්දු යවන්නකු වූ ලසිත් මාලිංගගේ ඉරියව්වට ආසන්න ඉරියව්වකින් මතීෂ පතිරණ පන්දු යවයි. මතීෂ පතිරණ මේ වසර මුලදී පැවැති 19 න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.
පසුගිය වසරේ තරග තහනමකට ලක්වු නිරෝෂන් දික්වැල්ල ඉන් නිදහස් වීමෙන් පසුව මේ වසරේ පැවැති ඕස්ට්‍රේලියානු සහ ඉන්දියානු සංචාර සඳහා එක්වුවද අතිරේක ක්‍රීඩකයකු ලෙස සංචිතයේ රැඳී සිටියේය. නමුත් මෙවර ඔහුට සංචිතයේ හෝ ස්ථානයක් හිමිව නොමැත. නමුත් ජෙෆ්රි වැන්ඩසේ සමගින් අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට නිරෝෂන් දික්වැල්ල නම්කර තිබේ.
තරග තහනමෙන් පසුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදි පැවැති ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්වූ දික්වැල්ලට තරග 10 කදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 151 ක් පමණි. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 15.10 ක් ලෙස සටහන් විය.
ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ වලින් අසමත්වීම හේතුවෙන් අවසන් වරට පැවැති ඕස්ට්‍රේලියානු සහ ඉන්දීය සංචාර වලින් ඉවත් කරනු ලැබූ භානුක රාජපක්ෂ නැවතත් විස්සයි20 සංචිතයට නම් කර තිබීම කැපී පෙනේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී පංජාබ් කිංග්ස් පිල නියෝජනය කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට භානුක රාජපක්ෂ සමත්විය.
ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයේදී පැවැති ටෙස්ට් තරගාවලියට එක් නොවූ පැතුම් නිස්සංක නැවතත් ජාතික කණ්ඩායමට නම්කර තිබේ.
කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පසු ගිය මාර්තු මාසයේදී පැවැති විස්සයි20 තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ වනිඳු හසරංග මෙන්ම ආබාධවලට ලක්වූ කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්‍ෂණ සහ නුවන් තුෂාර නැවතත් ඕස්ට්‍රේලියාවට එරෙහිව නම් කරන ලද සංචිතයට එක්කර ඇත.
මූලික සංචිතයට නම්කර සිටි ජෙෆ්රි වැන්ඩසේ, නිරෝෂන් දික්වැල්ල, නිපුන් මාලිංග, අෂේන් බණ්ඩාර, දුනිත් වෙල්ලාලගේ, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, සහන් ආරච්චි, ධනංජය ලක්ෂාන් යන ක්‍රීඩකයන්ට ප්‍රධාන සංචිතයේ ස්ථානයක් ලැබී නැත.
විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් පළමු තරග මේ මස 7 වැනිදාත්, දෙවැනි තරගය 8 වැනිදාත් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය 11 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු මදුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්‍ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.