Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 250 ක් රැස්කර සිටියේය. එහිදී නුවනිඳු ප්‍රනාන්දු (86) සහ ළහිරු උදාර (50) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.
දිනය නිමාවනවිට ලක්ෂිත මනසිංහ ලකුණු 21 ක් සහ ප්‍රභාත් ජයසූරිය එක් ලකුණක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ආරම්භක පිතිකරුවන් වූ පබසර වඩුගේ සහ මිනෝද් භානුක සාර්ථක ආරම්භයක් ලබාගත්තද ලකුණු 6 ක් තුල පිතිකරුවන් තිදෙනෙකු දැවීයාමත් සමගින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල දැඩි අසීරූතාවයකට පත්විය.
සදීර සමරවික්‍රම සමගින් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 61 ක සම්බන්ධතාවක් පැවැත්වූ නුවනිඳු ප්‍රනාන්දු ඉන් නොනැවතී ළහිරු උදාර සමගින් එක්ව පස්වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 93 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ගොඩනැගීමට සමත්වූහ.
ශතකය කරා යමින් සිටි නුවනිඳු ප්‍රනාන්දු ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස ලකුණු 86 කට දවා ගැනීමට මැතිව් කුනේමාන් සමත්විය. පන්දු 140 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි නුවනිඳුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 11 කින් අලංකාර විය.
ළහිරු උදාර පන්දු 62 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 50 ක් ලබාගත් අතර පබසර වඩුගේ ලකුණු 30 ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 29 ක් ලබාගත්තේය.
ටොඞ් මර්ෆී ලකුණු 54 කට කඩුලු 4 ක් සහ මැතිව් කුනේමාන් ලකුණු 41 කට කඩුලු 2 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.
තරගයේ පළමු දිනය වූ ඊයේ (14 වැනිදා) තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු ‘ඒ’ පිල සියලුදෙනා දැවී ලකුණු 379 ක් ලබාගත්තේය.
හෙට (16 වැනිදා) තරගයේ තෙවැනි දිනයයයි.
ඕස්ට්‍රේලියා ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 379
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 250
(පබසර වඩුගේ 30, නුවනිඳු ප්‍රනාන්දු 86, සදීර සමරවික්‍රම 29, ළහිරු උදාර 50, ලක්ෂිත මනසිංහ නොදැවී 21, ටොඞ් මර්ෆී 54/4, මැතිව් කුනේමාන් 41/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.