Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉලක්කය පහසු වූවත් සැබෑ වෘත්තීය කි‍්‍රකට් කණ්ඩායමක් ලෙසින් සැලසුම් සහගත ගමනක නිරත වූ නැමීබියානුවෝ අද පැවැති සුදුසුකම් තේරීමේ තරගයකදී කඩුලූ 8 කින් අයර්ලන්තය පරාජය කරමින් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට ඇතුළත් වූහ.
සාජා නුවරදී අද (22 වැනිදා) සුදුසුකම් තේරීමේ තරගාවලියේ අවසන් දිනයේ පළමු තරගයේදී ලකුණු 126 ක ඉලක්කයක් කරා ගිය නැමීබියානු කණ්ඩායම පන්දු 9 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය කරා අවතීර්ණ විය.
ප්‍රහාරාත්මක ඕවර 6 දී නැමීබියාවට එක්වූයේ ලකුණු 27 ක් පමණි. එහෙත් ඉලක්කය ගැන පූර්ණ වැටහීමක් තිබූ නායක ජෙරාඩ් එරැස්මස් සිය කඩුල්ල වීසි නොකර, ඉනිමේ බර කරට ගත්තේය. ඒ අතරවාරයේදී අනෙක් පිතිකරුවෝ ප්‍රහාරය දියත් කළහ.
අවසන් ඕවර 5 න් ලකුණු 33 ක් අවශ්‍යව තිබූ නමුත් පන්දු 9 ක් ඉතිරිව තිබියදී තම කණ්ඩායම ජයටැඹ කරා ගෙන යාමට දකුණු අපි‍්‍රකාවේ සිට නැමීබියානු පිලට එක්වූ ඬේවිඞ් වීස්ට හැකිවිය.
අවසන් ඕවර 5 දී ප්‍රහාරය සඳහා කඩුලූ ඉතිරිකරගත් නමුත් සිදුවූයේ අයර්ලන්තය අපේක්ෂා නොකළ දේමය. ඕවර 15 ක්අවසානයේදී කඩුලූ 3 කට ලකුණු 95 ක් ලබා සිටි අයර්ලන්තය අවසාන දිනයේදී නැමීබියානුවන් යැවූ ඕවර 20 ක් අවසන ලකුණු 125 කට සීමා විය.
අවසන් ඕවර 5 දී අයර්ලන්තයට රැස්කරගත හැකිවූයේ ලකුණු 30 ක් පමණක් වූවද කඩුලූ 5 ක්ම අහිමිකර ගත්තේය. අයර්ලන්ත පිතිකරුවන් අමාරුවේ දැමූ යාන් ෆ්රයිලින්ක් (21/3) සහ ඩේවිඩ් වීස් (22/2) ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 ට ඇතුළත් වීමේ අවස්ථාව විවෘතව තබාගත්හ.
ප්‍රසාද ලකුණු සටහන අනුව ශී‍්‍ර ලංකාව මේ වන විටත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටී. එබැවින් මේ වන විටත් ප්‍රසාද ලකුණු 2 ක් බැගින් ලබා සිටින අයර්ලන්තය හෝ නැමීබියාව, මෙම තරගයේ ජයග්‍රාහකයන් වීම මත සුපිරි කණ්ඩයම් 12 අතරට එක්වනු ඇත.
අද රාති‍්‍රයේදී ශී‍්‍ර ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගයෙන් තීරණය වන්නේ සුදුසුකම් තේරීමේ වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන ශී‍්‍ර ලංකාවේ ස්ථානය පමණි.
ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබාගත් අයර්ලන්තයේ ආරම්භක පිතිකරුවෝ දෙදෙනා වන පෝල් ස්ටර්ලිං සහ කෙවින් ඕ’බ්‍රයන් ප්‍රහාරාත්මක ඕවර 6 දී අයර්ලන්ත පිලට ලකුණු 55 ක් එක්කළේ දෙදෙනාම කඩුලූ ආරක්ෂා කරගනිමිනි. අයර්ලන්තය සතු හොඳම සහ වඩාත්ම අත්දැකීම් පිරි මෙම පිතිකරුවන් දෙදෙනාම පන්දු 8 ක් ඇතුළතදී පිටියෙන් ඉවත්ව යාමෙන් අයර්ලන්තය අමාරුවේ වැටුණේය.
එතැන් සිට යැවුණු පන්දු 38 කදී අයර්ලන්තයට ලබාගත හැකිවූයේ ලකුණු 28 කි. අවසන් ඕවර කිහිපය අසාර්ථක වීම හේතුවෙන් අයර්ලන්ත ඉනිම ලකුණු 125 කට සීමා විය.
පළමු තරගයේදී කාසියේ වාසිය දිනාගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. නැමීබියානු නායක ජෙරාඩ් එරැස්මස් කීවේ තමන් වුවද කාසියේ වාසිය දිනාගත්තා නම්, මුලින්ම පන්දු යැවීමට සූදානමින් සිටි බවයි.
”මේක අලූත් තණතීරුවක්. අපිත් බලා හිටියේ එයාලව පිතිහරඹයට දාලා, එයාලා පන්දුවට පහර දෙන විදිහෙන් අපට වැටහීමක් ගන්නයි. මොකද අපේ පිතිකරු ලයිස්තුව අනුව අපි වඩාත් කැමති ඉලක්කයක් හඹා යන්නයි” යයි නැමීබියානු නායක ජෙරඩ් එරැස්මස් පැවසීය.
අයර්ලන්තය - ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 125 යි
(පෝල් ස්ටර්ලිං 38, කෙවින් ඕ’බ්‍රයන් 25, ඇන්ඩෲ බැල්බිරින් 21, ඩේවිඩ් වීස් 22/2, යාන් ෆ්රයිලින්ක් 21/3)
නැමීබියාව - ඕවර 18.3 කදී කඩුලූ 2 ක් දැවී 126 යි
(ක්‍රෙග් විලියම්ස් 15, සේන් ගී්රන් 24, ජෙරාඩ් එරැස්මස් නොදැවී 53, ඩේවිඩ් වීස් නොදැවී 28, කර්ටිස් කැම්පර් 14/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.