Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්තට එරෙහිව වෙලිංටන්හි වෙස්ට්පැක් ක්‍රීඩාංණයේදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (3 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කර ගැනීමටද නවසීලන්තය හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඬේවිඞ් මැලන් පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 39 ක් රැස්කිරීමට සමත් විය.
නායක ඔයින් මෝගන් පන්දු 17 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක්ද, ක්‍රිස් ජෝඩාන් පන්දු 19 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක්ද රැස්කළ නමුත් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.
මෝගන්ගේ කඩුල්ලද සමගින් ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගැනීමට මිචෙල් සෑන්ට්නර් සමත් වූ අතර එංගලන්ත ඉනිම සුනුවිසුණු කිරීම සඳහා සෑන්ට්නර්ට අනගි සහායක් දුන් නායක ටිම් සවුති, ලොකී ෆර්ගියුසන් සහ ඉෂ් සෝධි කඩුලු 2 බැගින් දවාගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 176 ක් රැස්කළ අතර නවසීලන්ත සාර්ථක ආරම්භයක් ලබාදුන් මාටින් ගප්ටිල් පන්දු 28 කින් ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් පන්දු 12 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 ක්ද, රොස් ටේලර් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක්ද රැස්කිරීමට සමත් වූහ. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 22 කට මුහුණදුන් ජේම්ස් නීෂම් එහිදී වේගවත් ලකුණු 42 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 176
(මාටින් ගප්ටිල් 41, ටිම් සෙයිෆට් 16, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 28, රොස් ටේලර් 28, ජේම්ෂ් නීෂම් 42, ක්‍රිස් ජෝඩාන් 23/3, සෑම් කරන් 22/2)
එංගලන්තය ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 155
(ඬේවිඞ් මැලන් 39, ඔයින් මෝගන් 32, ලෙවිස් ග්‍රෙගරි 15, ක්‍රිස් ජෝඩාන් 36, මිචෙල් සෑන්ට්නර් 25/3, ටිම් සවුති 25/2, ලොකී ෆර්ගියුසන් 34/2, ඉෂ් සෝධි 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.