Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තට එරෙහිව නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංණයේදී පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 14 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (5 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඬේවිඞ් මැලන් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 55 ක් රැස්කිරීමට සමත් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 18 ක් වන විට ටොම් බැන්ටන් පිටියෙන් ඉවත් කිරීමට බ්ලෙයර් තික්නර් සමත් වුවද, ජේම්ස් වින්ස් (49) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් 43 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැලන් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. එහෙත් පසුපෙස පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය කරා යෑමට නොහැකි විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 180 ක් රැස්කළ අතර නවසීලන්ත සාර්ථක ආරම්භයක් ලබාදුන් මාටින් ගප්ටිල් පන්දු 17 කින් වේගයෙන් ලකුණු 33 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි.
පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 55 ක් රැස්කළ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් නවසීලන්ත ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය. රොස් ටේලර් (27) සමග එක්ව පන්දු 42 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ග්‍රෑන්ඞ්හෝම් සමත් වූ අතර පන්දු 24 කදී වාර්තා වූ ටේලර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 180
(මාටින් ගප්ටිල් 33, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 55, රොස් ටේලර් 27, ජේම්ෂ් නීෂම් 20, මිචෙල් සෑන්ට්නර් 15, ටොම් කරන් 29/2)
එංගලන්තය ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 166
(ටොම් බැන්ටන් 18, ඬේවිඞ් මැලන් 55, ජේම්ස් වින්ස් 49, ඔයින් මෝගන් 18, ටොම් කරන් 14, ලොකී ෆර්ගියුසන් 25/2, බ්ලෙයර් තික්නර් 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.