Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
චමිඳු වික්‍රමසිංහ (102) සහ ශෙවොන් ඩැනියෙල්ගේ (59) දක්ෂ පිතිහරඹයත්, පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ සංචාරක බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත්විය. රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් යොවුන් එක්දින තරගයේදී බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව ලකුණු 4 ක ජයක් තියුණු හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිලට හැකිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් පිලට ඕවර 50 අවසානයේ සියලූදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 236 ක් පමණි.
තරගයේ 48 වැනි ඕවරය නිමා වන විට කඩුලූ 5 කට ලකුණු 226 ක් ලබා සිටි බංග්ලාදේශ යොවුන් පිලට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ පන්දු 12 කින් ලකුණු 15 ක් පමණි. එහෙත් නායක දුනිත් වෙල්ලාලගේ සහ විනුජ රන්පුල් දෙදෙනා අවසන් ඕවර දෙකේදී පන්දු 9 කින් කඩුලූ 5 ක් දවාගනිමින් බංග්ලාදේශ යොවුන් පිලට පෙනි පෙනී තිබුණු ජය උදුරා ගත්හ.
අවසන් ඕවර තුන තුලදී බංග්ලාදේශ යොවුන් පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 18 ක් ලබාගැනීමට අවශ්‍යව තිබුනද ලකුණු 13 ක් තුළ ඔවුන්ගේ ඉතිරි කඩුලූ 6 දවාගැනීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ.
මෆිජුල් ඉස්ලාම් සහ අයිච් මොල්ලා අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවද බංග්ලාදේශ යොවුන් පිල ජයග්‍රහණය කරා රැුගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය. මෆිජුල් ඉස්ලාම් පන්දු 85 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 62 ක් ලබාගත් අතර අයිච් මොල්ලා පන්දු 63 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 55 ක් ලබාගත්තේය.
ඉෆ්තිකර් හොසේන් ලකුණු 32 ක්, නව්රෝස් නබිල් ලකුණු 33 ක් සහ අරිෆුල් ඉස්ලාම් ලකුණු 21 ක් ලබාගනිමින් බංග්ලාදේශ යොවුන් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සහ කළද පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ ජයග්‍රහණය පෙනී පෙනී පරාජයම වැළඳ ගැනීමට බංග්ලාදේශ යොවුන් පිලට සිදුවිය.
විනුජ රන්පුල් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලූ 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සසංන නිර්මාල්, වනුජ සහන් සහ ශෙවොන් ඩැනියෙල් කඩුල්ල බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ ජයග්‍රහණයට දායක වූහ.
මැද පෙළ පිතිකරුවකු වූ චමිඳු වික්‍රමසිංහ ආරම්භක පිතිකරුවකු ලෙස අද පිටියට පිවිසෙමින් පන්දු 123 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 102 ක් රැස්කරමින් විශිෂ්ඨ පිතිහරඹයක නිරත විය. චමිඳු වික්‍රමසිංහට අනගි සහයක් ලබාදුන් ශෙවොන් ඩැනියෙල් පන්දු 85 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 59 ක් ලබාගත්තේය.
මෙම පිතිකරුවන් දෙදෙනාගේ දායකත්වය හේතුවෙන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැව ලකුණු 240 ක් රැස්කිරීමට සමත්විය.
දෙවැනි කඩුල්ල සඳහා පන්දු 182 කදී ලකුණු 154 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට චමිඳු වික්‍රමසිංහ සහ ශෙවොන් ඩැනියෙල් සමත්වූහ.
චමිඳු වික්‍රමසිංහ සහ ශෙවොන් ඩැනියෙල්ට අමතරව නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 සීමාව පසුකිරීමට සමත්වූ නමුත් සෙසු පිතිකරුවන්ට බංග්ලාදේශ යොවුන් පිලේ පන්දු යවන්නන්ගෙන් ඊට අවස්ථාව නොලැබිණ.
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 240
(චමිඳු වික්‍රමසිංහ 102, ශෙවොන් ඩැනියෙල් 59, දුනිත් වෙල්ලාලගේ 20, මුෂ්ෆික් හසන් 37/3, රිපෝන් මොන්ඩල් 43/2, අහෝසන් හබීබ් 56/2)
බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 50 කදී සියලූ දෙනා දැවී 236
(මෆිජුල් ඉස්ලාම් 62, ඉෆ්තිකර් හොසේන් 32, නව්රෝස් නබිල් 33, අයිච් මොල්ලා 55, අරිෆුල් ඉස්ලාම් 21, විනුජ රන්පුල් 21/2, දුනිත් වෙල්ලාලගේ 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.