Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 50 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඩුබායිහිදී අද (4 වැනිදා) පැවැත්වෙන තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට දිල්ලි කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 13 කට සහභාගි වී ඇති දිල්ලි කණ්ඩායම එහිදී ලැබූ 10 වැනි ජයග‍්‍රහණය මෙය විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම පන්දු 2 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී පන්දු 18 කින් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 28 ක් රැස්කළ ශිම්රන් හැට්මෙයර් දිල්ලි කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය.
ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක් රැස්කරමින් දිල්ලි ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. පි‍්‍රත්වි ෂෝ පන්දු 12 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 18 ක්ද, රිපාල් පටේල් පන්දු 20 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද රැුස්කරමින් දිල්ලි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 136 ක් ලබා ගත්තේය. චෙන්නායි ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී අම්බටි රයිඩු පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 55 ක් රැස්කළේය.
නායක මහේන්ද්‍ර සිං දෝනි (18) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රයිඩු සමත් විය. මෙම තරගයේදී සුරේෂ් රයිනා විවේක ගන්වා තිබූ අතර ඔහුගේ ආදේශකයා ලෙස කී‍්‍රඩා කළ රොබින් උතප්පා පන්දු 19 කදී ලකුණු 19 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ අක්සර් පටේල් සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් කඩුලූ 2 ක් දවාගත්තේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 5 කට 136
(රුතුරාජ් ගයික්වාද් 13, රොබින් උතප්පා 19, අම්බටි රයිඩු නොදැවී 55, මහේන්ද්‍ර සිං දෝනි 18, අක්සර් පටේල් 18/2)
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 19.4 කදී කඩුලූ 7 කට 139
(පි‍්‍රත්වි ෂෝ 18, ශිකර් ධාවාන් 39, රිෂාබ් පාන්ට් 15, රිපාල් පටේල් 18, ශිම්රන් හැට්මෙයර් නොදැවී 28, ශර්ධුල් ඨාකුර් 13/2, රවින්ද්‍ර ජදේජා 28/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.