Last Update  :  2024-04-30 15:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දිල්ලි ක්‍රීඩකයෝ පළමු ජය ලබති
අයි.පී.එල්. - 2024

දිල්ලි ක්‍රීඩකයෝ පළමු ජය ලබති

editorial - 2024 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර විශාකාපට්නම්හිදී අද (31 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස්  කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී දිල්ලි කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි. චෙන්නායි ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ මහේන්ද්‍ර සිං දෝනි, හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 16 කින් නොදැවී ලකුණු 37 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙගෙනයෑමට නොහැකි විය.

චෙන්නායි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අජින්ක්‍යා රහනේ පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 45 ක් රැස්කළ අතර රවින්ද්‍ර ජදේජා පන්දු 17 කින් නොදැවී ලකුණු 21 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කලීල් අහමඩ් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4 ක් යවමින් ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 191 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් (52) සහ නායක රිෂාබ් පාන්ට් (51) අර්ධ ශතක ලබාගනිමින් දිල්ලි ඉනිමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ දැමූහ.

පන්දු 35 කදී වාර්තා වූ වෝනර්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින්ද, පන්දු 32 කදී වාර්තා වූ පාන්ට්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින්ද සමන්විත විය. සෙසු ආරම්භක පිතිකරුවා වූ ප්‍රිත්වි ෂෝ පන්දු 27 කින් ලකුණු 43 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

සෙසු පන්දු යවන්නන් සියලු දෙනා පාහේ දිල්ලි පිතිකරුවන්ගේ දැඩි පහර කෑමකට ලක්වෙද්දී ඔවුන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ මතීෂ පතිරණ ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගත්තේය. එහිදී විශිෂ්ඨ යෝකර් පන්දු දෙකකින් මිචෙල් මාෂ්ගේ සහ ටි්‍රස්ටන් ස්ටබ්ස්ගේ කඩුලු බිඳහෙළුෑ පතිරණ, වෝනර් දවාගැනීම සඳහා විශිෂ්ට උඩ පන්දු රැකගැනීමකද නිරත විය.

 

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 191
(ප්‍රිත්වි ෂෝ 43, ඩේවිඩ් වෝනර් 52, රිෂාබ් පාන්ට් 51, මිචෙල් මාෂ් 18, මතීෂ පතිරණ 31/3)

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 171
(අජින්ක්‍යා රහනේ 45, ඩැරිල් මිචෙල් 34, ශිවම් ඩූබේ 18, රවින්ද්‍ර ජදේජා නොදැවී 17, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 37, මුකේෂ් කුමාර් 21/3, කලීල් අහමඩ් 21/2)

-036


අදහස් (0)

දිල්ලි ක්‍රීඩකයෝ පළමු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.