Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ හයවැනි තරගය ලෙස දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් තරගය කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් 18 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ඕවර 18.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 177 ක් පමණි.
දඹුල්ල කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ අත් දෙකෙන්ම පන්දු යැවීමේ හැකියාව ඇති තරිඳු රත්නායක, සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කරමින් ටොම් බැන්ටන්ගේ (23) සහ කුසල් පෙරේරාගේ (20) කඩුලූ බිඳ දැමීමට සමත් විය.
නුවන් ප‍්‍රදීප් කඩුලූ 3 ක්ද, ඉම්රාන් තාහීර් සහ චාමික කරුණාරත්න කඩුලූ 2 බැගින්ද දවාගනිමින් කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ජයග‍්‍රාහී මාවත අවහිර කිරීම සඳහා රත්නායකට අනගි සහායක් ලබාදුන්හ.
කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දිනේෂ් චන්මාල් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් රැස්කළේය.
අවසන් ඕවර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කළ සීක්කුගේ ප‍්‍රසන්න පන්දු 8 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද, දුෂ්මන්ත චමීර පන්දු 7 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 15 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙනයෑමට නොහැකි වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 195 ක් ලබාගත්තේය. නජිබුල්ලා සද්රාන් (54) සහ නායක දසුන් ශානක (38) එක්ව පන්දු 47 කදී ලකුණු 77 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව ආසන්නයට ගෙන ආහ.
පන්දු 40 කදී වාර්තා වූ සද්රාන්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දු 25 කට මුහුණදුන් ශානක හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු රැස්කළේය. පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග වේගවත් ලකුණු 62 ක් රැස්කරමින් දඹුල්ල කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් පිලිප් සෝල්ට් තරගයේ වීරයා බවට පත්විය.
දඹුල්ල ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 195
(පිලිප් සෝල්ට් 62, නිරෝෂන් දික්වැල්ල 17, නජිබුල්ලා සද්රාන් 54, දසුන් ශානක 38, චාමික කරුණාරත්න නොදැවී 12, දුෂ්මන්ත චමීර 34/3)
කලම්බු ස්ටාර්ස් පිල - ඕවර 20 කදී සියලූ දෙනා දැවී 177
(පැතුම් නිස්සංක 12, ටොම් බැන්ටන් 23, කුසල් පෙරේරා 20, ශර්ෆේන් රදර්ෆෝඞ් 16, දිනේෂ් චන්දිමාල් 26, ධනංජය ද සිල්වා 21, සීක්කුගේ ප‍්‍රසන්න 17, දුෂ්මන්ත චමීර 15, නුවන් ප‍්‍රදීප් 50/3, තරිඳු රත්නායක 17/2, ඉම්රාන් තාහීර් 36/2, චාමික කරුණාරත්න 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.