Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප් ටවුන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය (6 වැනිදා) නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 438 ක ඉලක්කයක් හඹායමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 126 ක් ලබා සිටියේය.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 312 ක් පසුපසින් සිටින අතර දිනය නිමාවන විට ආරම්භක පිතිකරු පීටර් මැලන් හතරේ පහර 2 ක් සමග ලකුණු 63 ක්ද, රාත්‍රී මුරකරු ලෙස පිටියට පිවිසි කේෂව් මහරාජ් ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
ඩීන් එල්ගා (34) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැලන්, ඉන් නොනැවතී සුබයර් හම්සා (18) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවනේ ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ජෝ ඩෙන්ලිගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් එල්ගා දැවී ගිය අතර හම්සා දැවී ගියේ ජෙම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමිනි.
තෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 173 ක් එක්කර ගත්තේය. කඩුලු 8 ක් දැවී ලකුණු 391 ක් ලබාගැනීමෙන් අනතුරුව දෙවැනි ඉනිම අත්හිටවූ එංගලන්ත නායක ජෝ රූට් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ඩොමිනික් සිබ්ලි නොදැවී ලකුණු 133 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 19 ක් සමගිනි. මේ දක්වා ටෙස්ට් තරග 4 කට සහභාගි වී ඇති සිබ්ලිගේ හොඳම ඉනිම ලෙසද එය වාර්තා අතරට එක් විය. බෙන් ස්ටෝක්ස් (72) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සිබ්ලි සමත් විය. ස්ටෝක්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 269
(ඩොමිනික් සිබ්ලි 34, ජෝ ඩෙන්ලි 38, ජෝ රූට් 35, බෙන් ස්ටෝක්ස් 47, ඔලී පෝප් නොදැවී 61, ජොස් බට්ලර් 29, කගිසෝ රබාඩා 68/3, ඩ්වේන් ප්‍රිටෝරියස් 26/2, වර්නන් පිලැන්ඩර් 46/2, ඇන්රිච් නොට්ජේ 56/2)
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 223
(ඩීන් එල්ගා 88, රාසි පැන්ඩර් ඩසන් 68, ක්වින්ටන් ඩි’කොක් 20, වර්නන් පිලැන්ඩර් නොදැවී 17, ජේම්ස් ඇන්ඩසන් 40/5, ස්ටුවට් බ්‍රෝඞ් 38/2, සෑම් කරන් 39/2)
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 391
(සැක් ක්‍රෝව්ලි 25, ඩොමිනික් සිබ්ලි නොදැවී 133, ජෝ ඩෙන්ලි 31, ජෝ රූට් 61, බෙන් ස්ටොක්ස් 72, ජොස් බට්ලර් 23, ඇන්රිච් නොට්ජේ 61/3, කගිසෝ රබාඩා 69/2, කේෂව් මහරාජ් 160/2)
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 126
(පීටර් මැලන් නොදැවී 63, ඩීන් එල්ගා 34, සුබයර් හම්සා 18)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.