Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩීන් එල්ගාගේ (නොදැවී 96) පිතිහරඹය හමුවේ ජෙහැන්නස්බර්ග්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරග කඩුලු 7 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද (6 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද දකුණු අප්‍රිකාවට හැකි විය.
උදෑසන සිට පැවැති වර්ෂාව හේතුවෙන් අද දින යැවිමට නියමිත ඕවර සංඛ්‍යාවෙන් ඕවර 60 ක් පමණ අපතේ ගිය අතර සිව්වැනි දිනයට යැවිය යුතු ඕවර සංඛ්‍යාව 34 ක් ලෙස විනිසුරුවෝ තීරණය කළහ.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඩීන් එල්ගා නොදැවී ලකුණු 96 ක් රැස්කරමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. පන්දු 188 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි එල්ගාගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.
ඩීන් එල්ගාට අනගි සහයක් ලබාදුන් රාසි වැන්ඩර් ඩසන් ලකුණු 40 ක් රැස්කළ අතර අද දින දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ඉන්දියානු පන්දු යවන්නෝ දවාගත් එකම කඩුල්ලද ඔහු විය. රාසි වැන්ඩර් ඩසන් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 82 ක සම්බන්ධතාවක් ද ගොඩනැගූ ඩීන් එල්ගා ඉන් නොනැවතී සිව්වැනි කඩුල්ල සඳහා ටෙම්බා බවුමා සමගින් එක්ව තවත් ලකුණු 68 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.
දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රහණය තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ටෙම්බා බවුමා නොදැවී ලකුණු 23 ක් ලබාගැනිමට සමත්විය.
තෙවැනි දිනට ඊයේ (5 වැනිදා) තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 2 කට ලකුණු 118 ක් රැස්කර සිටියේය.
ඉන්දීය පළමු ඉනිම - සියලුදෙනා දැවී 202
(ලෝකේෂ් රාහුල් 50, මයන්ක් අගර්වාල් 26, හනුමා විහාරී 20, රවිචන්ද්‍රන් අශ්වින් 46, මාර්කෝ ජැන්සන් 31/4, ඩුඈන් ඔලිවර් 64/3, කගිසෝ රබාඩා 64/3)
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලුදෙනා දැවී 229
(ඩීන් එල්ගා 28, කීගන් පීටර්සන් 62, ටෙම්බා බවුමා 51, කයිල් වේරියන් 21, මාර්කෝ ජැන්සන් 21, කේෂව් මහරාජ් 21, ශර්දුල් ඨාකූර් 61/7, මොහොමඞ් ශාමී 52/2)
ඉන්දීය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 266
(මයන්ක් අගර්වාල් 23, චෙතේෂ්වර් පුජාරා 53, අජින්ක්‍යා රහනේ 58, හනුමා විහාරී නොදැවී 40, ශර්දුල් ඨාකූර් 28, ලුන්ගි න්ගිඩි 43/3, මාර්කෝ ජැන්සන් 67/3, කගිසෝ රබාඩා 77/3)
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 243
(ඒඞ්න් මාක්‍රම් 31, ඩීන් එල්ගා නොදැවී 96, කීගන් පීටර්සන් 28, රාසි වැන්ඩර් ඩසන් 40, ටෙම්බා බවුමා නොදැවී 23)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.