Last Update  :  2024-04-30 15:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකානු කාන්තාවන්ට ලකුණු 79 ක ජයක්

දකුණු අප්‍රිකානු කාන්තාවන්ට ලකුණු 79 ක ජයක්

editorial - 2024 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වූල්වර්ත් ලබාගත් විශිෂ්ට ශතකයෙන් සවිමත් වූ දකුණු අප්‍රිකානු කාන්තාවෝ බෙනෝනි නුවරදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 79 ක පහසු ජයක් අත්කර ගත්හ. එය ලෝරාගේ මංගල විස්සයි-20 අන්තර්ජාතික ශතකය මෙන්ම ලකුණු 198 විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී දකුණු අප්‍රිකානු කාන්තාවන්ගේ දෙවැනි විශාලතම විස්සයි-20 ලකුණු සංඛ්‍යාව ද විය. 

මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. 

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අවසන් වරට මුණ ගැසුනු අවස්ථාවේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි-20 අන්තර්ජාතික තරග 12 කින් 7 ක් පරාජය වී තිබේ. දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම තරග 10 කින් 7 ක් පරාජය වී තිබේ. එහෙත් පිතිහරඹයට ඉතාමත් වාසිදායක තණතීරුවකදී දකුණු අප්‍රිකානු පිතිකාරිණියන් පිතිහරඹයට යැවීම නම් දෙවරක් සිතාගත යුතුව තිබූ තීරණයක් විය. 

තුන්වැනි ඕවරයේදීම ටැස්මින් බිට්ස් දැවී ගියත් පසුව එක්වූ මැරිසාන් කැප් සහ වූල්වරත් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට එළව එළවා පහර දුන්හ. ශ්‍රී ලංකා නායිකාව පන්දු යවන්නියන් හය දෙනකු යොදාගත් නමුත් දකුණු අප්‍රිකානු පිලට ලකුණු ගලාඒම නතර කළ නොහැකි විය. 


දකුණු අප්‍රිකානු කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 5 ට 198 යි
(ලෝරා වූල්වර්ත් 102, ටැස්මින් බි්‍රට්ස් 15, මැරිසාන් කැප් 60, සනී ලූස් 14, අචිනි කුලසූරිය 39/2)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 18.2 කදී 119 
(හර්ෂිතා සමරවික්‍රම 38, හසිනි පෙරේරා 30, කවීෂා දිල්හාරි 13, අනූෂා සංජීවනී 14, ටුමී සේකුන්නේ 25/2, ඇනේරි ඩර්ක්සන් 15/2)

- 213


අදහස් (0)

දකුණු අප්‍රිකානු කාන්තාවන්ට ලකුණු 79 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.