Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ඡායාරූපය - රොයිටර් අනුග්‍රහයෙනි)
පළමු වරට පැවැති ‘ද හන්ඩ්‍රඞ්’ කාන්තා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඕවල් ඉන්විසිබල්ස් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ලන්ඩන් නුවර ලෝඞ්ස් පිටියේදී සෙනසුරාදා (21 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී සදර්න් බ්‍රේව් පිලට එරෙහිව ලකුණු 48 ක ජයක් හිමිකරගත් ඕවල් ඉන්විසිබල්ස් පිල ශූරතාවට හිමිකම් කීවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය සදර්න් බ්‍රේව් පිලට පන්දු 98 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 73 ක් පමණි. ෆී මොරිස් පන්දු 26 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 23 ක් ලබාගත් අතර සෙසු පිතිකාරිණියන්ට ලකුණු 20 සීමාව පසුකිරීමට අවස්ථාවක් නොලැබිණ.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මැරිසානි කේප් පන්දු 18 කදී ලකුණු 9 කට කඩුලු 4 ක් දවාගනිමන් ඕවල් ඉන්විසිබල් පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියාය.
කාසියේ වාසිය දිනු සදර්න් බ්‍රේව් ක්‍රීඩිකාවෝ පළමුව පන්දුවට පහරදීම සඳහා ඕවල් ඉන්විසිබල්ස් පිලට ආරාධනා කළහ. ඩෑන් වැන් නිකර්ක් පන්දු 29 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 26 ක් සහ මැරිසානි කේප් පන්දු 14 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 26 ක් රැස්කිරීමට සමත්වූහ. ෆ්‍රෑන් විල්සන් පන්දු 29 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් ලබාගනිමින් ඕවල් ඉන්විසිබල් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූවාය.
ආන්යා ශ්‍රබ්සෝල් සිය පන්දු 20 දී ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගත්තාය. ලොරේන් බෙල් පන්දු 20 කදී ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඕවල් ඉන්විසිබල් - පන්දු 100 කදී කඩුලු 6 ක් දැවී 121
(ඩෑන් වැන් නිකර්ක් 26, ෆ්‍රෑන් විල්සන් 25, මැරිසානි කේප් 26, ආන්යා ශ්‍රබ්සෝල් 16/2, ලොරේන් බෙල් 24/2)
සදර්න් බ්‍රේව් - පන්දු 98 කදී සියලුදෙනා දැවී 73
(ෆී මොරිස් 23, මැරිසානි කේප් 9/4, ඇලිස් කැප්සී 21/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.