Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ බංග්ලාදේශ සංචාරයට තේරීම් කමිටු සාමාජිකයෝ දෙදෙනෙක් සහභාගි වෙති. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජික විනෝදන් ජෝන් මහතා සහභාගි වන අතර මීට දින දෙකකට පමණ පෙර ඒ මහතා සංචාරයට ඇතුළත්ව ඇති බව වාර්තා වේ.
වයස 19 න් පහළ කණ්ඩායමේ කළමනාකරු සහ කනිෂ්ඨ තේරීම් කමිටු සාමාජික ෆර්විස් මහරුෆ් මහතා ද මෙම සංචාරයේ නිත්‍ය සාමාජිකයෙකි.
මහරුෆ් මහතා කළමනාකරු ලෙස පත්කරන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහු එම තනතුරේ සිටීමෙන් තේරීම් කමිටු සාමාජිකයකු සංචාරවලට සහභාගි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
මහරුෆ් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ විනෝදන් ජෝන් මහතා ජාතික තේරීම් කමිටුව නියෝජනය කරමින් සහභාගි වන බවත් තමන් කනිෂ්ඨ තේරීම් කමිටුවේ සාමාජිකයකු බවත්ය. මෙම සංචාරය සඳහා මෑතකදී දඟ පන්දු පුහුණුකරු ධූරයකට පත්වූ හිටපු ක්‍රීඩකයකු ඇතුළු නිලධාරීහු 9 දෙනෙක් සහභාගි වෙති.
SK Wednesday, 23 October 2019 02:50 AM
නිලධාරින් සංචාරවලට යනවා කිසිම තේරුමක් නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඩ වලක්.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.