Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
වර්ෂාව හරස්වීම හේතුවෙන් තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම සමත්විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් නිල නොවන එක්දින තරගයත් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
පළමු නිල නොවන එක්දින තරගය සාර්ථකව අවසන් කළද දෙවැනි සහ තෙවැනි තරග ස`දහා වර්ෂාව දිගින් දිගටම බාධා ඇති කළේය.
කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීමට පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට ආරාධනා කළේය. ඕවර 32 කට මුහුණදී සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 167 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.
ආරම්භක පිතිකරු ඔමාර් යූසුෆ් සහ නායක සෞද් ශකීල් අර්ධ ශතක ලබාගනිමින් පාකිස්තාන ‘ඒ’ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූය. ඔමාර් යූසුෆ් පන්දු 72 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 59 ක් සහ සෞද් ශකීල් පන්දු 72 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 59 ක් ලබාගැනීමට සමත්වූහ. දෙවැනි කඩුල්ල සඳහා පන්දු 99 කදී ලකුණු 94 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඔමාර් යූසුෆ් සහ සෞද් ශකීල් සමත්වූහ.
අශේන් ඩැනියෙල් කඩුලූ 2 ක් ද, හිමේෂ් රාමනායක සහ කමිඳු මෙන්ඩිස් කඩුල්ල බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම - ඕවර 32 කදී කඩුලූ 4 ක් දැවී 167
(ඔමායිර් යූසුෆ් 59, අබ්දුල්ලා ශාෆික් 27, සෞද් ශකීල් නොදැවී 59, අශේන් ඩැනියෙල් 44/2, හිමේෂ් රාමනායක 29/1, කමිඳු මෙන්ඩිස් 9/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.