Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International තිසර - ඉසුරු සී.පී.එල්. යති

තිසර - ඉසුරු සී.පී.එල්. යති

editorial - 2021 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

බටහිර ඉන්දීය කෙ‍දෙව්හිදී මේ මස 26 වැනිදා ආරම්භ වන කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු වන තිසර පෙරේරාට සහ ඉසුරු උදානට හිමිව ඇත.

ඔවුන් දෙදෙනාම මෙම වසර තුළදී ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් අතර තවදුරටත් ලොව පුරා පැවැත්වෙන ලීග් තරගාවලීන් සඳහා සහභාගිවන බව පැවසූහ.

මෙවර (2021) කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තිසර පෙරේරා බාබඩෝස් රෝයල්ස් කණ්ඩායමටත්, ඉසුරු උදාන ට්‍රින්බැගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායමටත් ක්‍රී‍ඩා කිරීමට නියමිතය.  

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් යන කණ්ඩායම් වල හිමිකරුවෝ පිළිවෙලින් බාබඩෝස් රෝයල්ස් සහ ට්‍රින්බැගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායම්වලද හිමිකාරීත්වය දරති.

32 හැවිරිදි වියේ පසුවන තිසර, විස්සයි20 තරග 293 කදී ලකුණු 3736 ක් රැස්කරමින් බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 247 කි. 33 හැවිරිදි උදාන, විස්සයි20 තරග 164 කදී ලකුණු 1062 ක් රැස්කරමින් කඩුලු 168 ක් බිඳහෙළා ඇත.


අදහස් (0)

තිසර - ඉසුරු සී.පී.එල්. යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.