
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි) මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ සියලුම තරග විනාඩි 30 ක් ප්‍රමාද වී ආරම්භ කිරීමට ආසියානු ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30 ට (ඩුබායි වේලාවෙන් පස්වරු 6.00 ට) ආරම්භ කිරීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරග සියල්ලම ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00 ට (ඩුබායි වේලාවෙන් පස්වරු 6.30 ට) ආරම්භ වන බව එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.
සම්පූර්ණ ආසියානු කුසලාන තරගාවලිය තරග 19 කින් සමන්විත වන නමුත් තරග 18 ක් ම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වෙයි.
තරගාවලියේ සත්කාරකයන් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය (ඩුබායි) සහ ඕමානය අතර පැවැත්වෙන තරගය පමණක් ඩුබායි වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ වෙයි. එය දිවා/රාත්‍රී තරගයක් වන අතර එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 5.30 ට ආරම්භ වෙයි.
ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස 9 වැනිදා සිට 28 වැනිදා දක්වා ඩුබායි සහ අබුඩාබි රාජ්‍යයන්හිදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.