Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අබුඩාබි දහයයි10 තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසිය සඳහා දින දෙකක් ඉතිරිව තිබියදී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල විසින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග සංචිතයේ රඳවා ගැනීමට තීරණය කර ඇත. ක‍්‍රීඩක වෙන්දේසිය අනිද්දා (7 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව එංගලන්ත තුන් ඉරියව් ක‍්‍රීඩක ටයිමාල් මිල්ස් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේග පන්දු යවන ක‍්‍රීඩක සහූර් ඛාන් සමඟ වනි`දු හසරංගද ර`දවාගත් ක‍්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් විය. බටහිර ඉන්දීය තුන් ඉරියව් ක‍්‍රීඩක ඔන්ඩි‍්‍ර රසල් ඩෙකන් ග්ලැඩියේටර්ස් පිලෙහි ‘සුවිශේෂී ක‍්‍රීඩකයා‘ වන්නේය.
දැනට ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (ආර්.සී.බී) කණ්ඩායමට ක‍්‍රීඩා කරන හසරංග සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මංගල තරගයේදීම කඩුලූ ත‍්‍රිත්වයක් වාර්තා කළේය. එමඟින් මංගල තරගයේදී කඩුලූ ත‍්‍රිත්වයක් දවාගත් ලොව තුන්වන ක‍්‍රීඩකයා බවට පත් වූ අතර පාදඟ පන්දු යවන්නකු එම දස්කම් කළ පළමු වතාවද වන්නේය.
මේ වනවිට 24 හැවිරිදි පසුවන ඔහු ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායමේ ඉතාමත් බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. හසරංග ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සියලූම ආකෘති (ටෙස්ට්, එක්දින, විස්සයි 20 සහ ටී 10) ක‍්‍රීඩා කරන අතර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිලට සිය මංගල ශූරතාව දිනා ගැනීමේදී ඔහුගේ තුන් ඉරියව් හැකියාවන් බෙහෙවින් උපකාරී වනු ඇත.
”මම හිතන්නේ මම ක‍්‍රීඩා කරන වෙනත් ඕනෑම ආකෘතියකට වඩා මගේ පිතිහරඹය සහ පන්දු යැවීමේ විලාසය මෙම ආකෘතියට බෙහෙවින් ගැළපෙනවා. ඒ නිසා මම එහි යාමටත්, හොඳම දේ කරමින් කුසලානය රැුගෙන ඒමටත් බලාගෙන සිටිනවා. ඩ්‍රේ රූස් (ඇන්ඩ්‍රේ රසල්), ටයිමාල් (මිල්ස්) සහ සහූර් (ඛාන්) වැනි අය සමගින් ඩෙකාන් ග්ලැඩියේටර්ස් පිලට එක්වීමට මම නොයිවසිල්ලෙන් පසුවෙනා” යැයි හසරංග පැවසීය.
”මම පා දඟ පන්දු යවන්නෙක් වන අතර මගේ ළමා වියේ වීරයා සහ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිලේ ප‍්‍රධාන පුහුණුකරු පාකිස්තානයේ මුෂ්ටාක් අහමඞ් මහතා හමුවීමට මම මහත් උනන්දුවෙන් බලා සිටිනවා. මට ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත හැකි බව විශ්වාසයි,” හසරංග වැඩිදුරටත් පැවසීය.
”මේ මොහොතේ ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඉතාමත් දක්ෂ තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකු වන හසරංග, ඔහුගේ වයසේදී එතරම් ශ්‍රේෂ්ඨ ක‍්‍රීඩකයෙකු වන අතර ඉතා දුෂ්කර අවස්ථා වලදි පවා ඔහු හොඳින් දරා සිටිනවා. අපේ පැත්තෙන් තරඟ ජයග‍්‍රහණය කරවන්නකු ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා” ඩෙකන් ග්ලැඩියේටර්ස් පිලේ හිමිකරු ගෞරව් ග්‍රෝවර් මහතා පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.