Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඩැනියෙල් - සහන් තරගාවලියේ දිනුම ගෙනෙති

ඩැනියෙල් - සහන් තරගාවලියේ දිනුම ගෙනෙති

editorial - 2021 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ෂෙවෝන් ඩැනියෙල් (නොදැවී 85) සහ වනුජ සහන් (නොදැවී 38) එක්ව අටවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත්විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති තුන්වැනි යොවුන් එක්දින තරගයේදීත් බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිල පන්දු 20 ක් ඉතිරිව තිබියදී කඩුලූ 7 ක් දැවී ඉලක්කය පසුකර ගියේය.

ශ්‍රී ලංකා යොවුන් පිලේ කඩුලූ 7 ක් ලකුණු 122 ක් තුල දැවී තිබියදී 8 වැනි කඩුල්ල සඳහා  එක්වූ ෂෙවෝන් ඩැනියෙල් සහ වනුජ සහන් පන්දු 85 කදී ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

ෂෙවෝන් ඩැනියෙල් පන්දු 117 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 85 ක් ලබාගත්තේය. ඩැනියෙල්ට අනගි සහයක් ලබාදුන් වනුජ සහන් පන්දු 53 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 38 ක් ලබාගත්තේය.

ආරම්භක පිතිකරුවෝ දෙදෙනා ලකුණු 14 ක් තුල පිටියෙන් ඉවත්වූ පසු ශෙවෝන් ඩැනියෙල් සහ පවන් පතිරාජ එක්ව තෙවැනි කඩුල්ල සඳහා  පන්දු 91 කදී ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවද, ලකුණු 33 ක් තුල තවත් කඩුලූ 4 ක් බිඳවැටීමෙන් ශ්‍රී ලංකා යොවුන් පිල දැඩි අපහසුතාවයකට පත්විය. මුෂ්ෆික් හසන් කඩුලූ 3 ක් ද, අහෝසන් හබීන් කඩුලූ 2 ක් සහ නයිමුර් රෝමන් කඩුල්ලක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවද ඔවුන්ට ජයග‍්‍රහණය කරා යෑමට තිබූ අවස්ථාව ෂෙවොන් සහ සහන් එක්ව අහුරා දැමූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් පිලට  ඕවර 49.3 කදී සියලූදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 184 ක් පමණි. ලකුණු 71 කට කඩුලූ 7 ක් දැවී ඉතා අසරණ තත්වයකට පත්ව තිබූ බංග්ලාදේශ යොවුන් ඉනිම තරගයක් දිය හැකි මට්ටමට රැගෙන ඒමට අහෝසන් හබීබ්, අෂිකුර් සමාන් සහ නයිමුර් රෝමන් සමත්වූහ.

අහෝසන් හබීබ් සමගින් 8 වැනි කඩුල්ල සඳහා පන්දු 55 කදී ලකුණු 36 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අෂිකුර් සමාන් ඉන් නොනැවතී 9 වැනි කඩුල්ල ස`දහා පන්දු 91 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

අෂිකුර් සමාන් පන්දු 73 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැුස්කළ අතර අහෝසන් හබීබ් පන්දු 54 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 33 ක් ලබාගත්තේය. නයිමුර් රෝමන් ලකුණු 27 ක් ද, ඉෆ්තිකර් හුසේන් ලකුණු 25 ක් සහ අයිච් මොල්ලා ලකුණු 23 ක් ද ලබාගත්හ.

-2079


අදහස් (0)

ඩැනියෙල් - සහන් තරගාවලියේ දිනුම ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.