Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වමත් පිතිකරු සඳුන් වීරක්කොඩිට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිටි ‘ජ්‍යෙෂ්ඨ’ ක්‍රීඩකයන්ගේ සංචිතයම නිරෝධායනය කර තිබේ. කෙසේ වෙතත් මෙම සංචිතයෙ සිටින සියලුම ක්‍රීඩකයන්ට හෙට (11 වැනිදා, ඉරිදා) තවත් පී.සී.ආර්. පරීක්‍ෂණ කිරීමට සූදානම් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍යවරුන් පවසන්නේ මේ වන විට සංචිතගත කර සිටිනි ක්‍රීඩකයන් 64 දෙනාගෙන් බහුතරයකට කොරෝනා නිවාරණ එන්නත දී ඇති බැවින් ක්‍රීඩකයන්ගේ පී.සී.ආර්. වාර්තා සෘණාත්මක වන්නේ නම් බියවීමට කාරණාවක් නැති බවයි.
සඳුන් වීරක්කොඩි ඇතුළු ජ්‍යෙෂ්ඨ සංචිතයේ ක්‍රීඩකයෝ පස්දෙනෙක් පුහුණු තරගයකට සහභාගි වීම සඳහා ඊයේ සවස දඹුල්ලට ගියහ. එම ක්‍රීඩකයන් අද පෙරවරුවේදී තරගයට සහභාගි වීමට සූදානමින් සිටියදී පැවැති වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම පමා වී තිබේ.
මේ අතරවාරයේදී එම ක්‍රීඩකයන්ගේ පී.සී.ආර්. වාර්තා ලැබීමත් සමගම ඔවුන්ව තරගයට සහභාගි කරවීම නවත්වා තිබේ.
සඳුන් වීරක්කොඩිට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා රජයේ සෞඛ්‍ය නීති රීති අනුව ගිලන් රථයකින් ඔහුව ගෙන ගොස් තිබේ. කොළඹින් ගිය සෙසු ක්‍රීඩකයන් සිව් දෙනා වන අශාන් ප්‍රියන්ජන්, ඇන්ජලෝ පෙරේරා, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා එම බස්රියේම ආපසු කොළඹටම එවා ඇති බවද වාර්තා වේ.
මෙම ක්‍රීඩකයන් නැවතත් ජ්‍යෙෂ්ඨ සංචිතයටම එකතු කෙරෙනු ඇත.
ජ්‍යෙෂ්ඨ සංචිතයේ ක්‍රීඩකයෝ
ඩිල්ෂාන් මුණවීර, සඳුන් වීරක්කොඩි, ඇන්ජලෝ පෙරේරා, අශාන් ප්‍රියන්ජන්, රොෂ්න් සිල්වා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, ළහිරු මධුශංක, මිලින්ද සිරිවර්ධන, ළහිරු ගමගේ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රභාත් ජයසූරිය, මාලින්ද පුෂ්පකුමාර සහ භානුක රාජපක්‍ෂ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.