Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International චෙන්නායි පිලට කඩුලු 6 ක ජයක්

චෙන්නායි පිලට කඩුලු 6 ක ජයක්

editorial - 2021 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජොෂ් හේසල්වුඞ් (24/3) සහ ඞ්වයින් බ්‍රාවෝ (17/2) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාවය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාජාහිදී අද (30 වැනිදා) පැවැති තරගයකදී සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

ජයග්‍රහණයය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 19.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් වූ රුතුරාජ් ගයික්වාඞ් සහ ෆෆ් ඩු ප්ලෙසීස් පළමු කඩුල්ල සඳහා පන්දු 61 කදී ලකුණු 75 ක සාර්ථක සම්බන්ධතාවයක් පවත්වමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමූහ.

රුතුරාජ් ගයික්වාඞ් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 45 ක් සහ ෆෆ් ඩු ප්ලෙසීස් පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 41 ක් රැස්කිරීමට සමත්වූහ.

සිය ඕවර 4 ලකුණු 27 කට සීමා කළ ජේසන් හෝල්ඩර් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසක් විය.

කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි.

ආරම්භක පිතිකරු රිද්ධිමාන් සාහා පමණක් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කළද සෙසු පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට චෙන්නායි පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ. රිද්ධිමාන් සාහා පන්දු 46 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 44 ක් ලබාගැනීමට සමත්විය.

ජොෂ් හේසල්වුඞ් ලකුණු 24 කට කඩුලු 3 ක් සහ ඞ්වයින් බ්‍රාවෝ ලකුණූ 17 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 134
(රිද්ධිමාන් සාහා 44, ජොෂ් හේසල්වුඞ් 24/3, ඞ්වයින් බ්‍රාවෝ 17/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී 139
(රුතුරාජ් ගයික්වාඞ් 45, ෆෆ් ඩු ප්ලෙසීස් 41, ජේසන් හෝල්ඩර් 27/3)


අදහස් (0)

චෙන්නායි පිලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.