Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ගුණසේකර අති විශිෂ්ට පන්දු යැවීමක

ගුණසේකර අති විශිෂ්ට පන්දු යැවීමක

editorial - 2023 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එකම ඉනිමකදී කඩුලු 9 ක් දවාගත් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකරගේ අති විශිෂ්ට පන්දු යැවීම නිසා දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 251 කට සීමා කෙරිණ. තරගයේ දෙවැනි දිනය වූ අද (01 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සිය පළම ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටියේය. 

ශ්‍රී ලංකා නැඟී එන පිලේ ඉදිරිපෙළ කඩුලු 3 ක්ම ලකුණු 40 කට දැවී ගිය නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ අහන් වික්‍රමසිංහ (නොදැවී 35) සහ සොනාල් දිනූෂ (නොදැවී 06) ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 83 ක් දක්වා ඉදිරියට ගෙන ගියහ. 

අඟහරුවාදා උදෑසන, වටින් පිටින් පැවැති වැසිබර තත්ත්වය නිසාම කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. වර්ෂාවෙන් බාධා පැමිණි මුල් දිනය වූ ඊයේ (31 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් ලබා සිටියේය. එම කඩුලු හයටම ගුණසේකර හිමිකම් කීවේය. 

අද පෙරවරුවේදී ලකුණු 18 ක් ඇතුළත ඉතිරි කඩුලු 4 ම දවාගත් ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රීඩකයෝ බංග්ලාදේශ ඉනිම ලකුණු 251 න් නතර කළහ. 

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 23 හැවිරිදි චාමික ගුණසේකර එන්.සී.සී. පිල නියෝජනය කරයි. 

 

බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම - පළමු ඉනිම 251 යි
(අමිත් හසන් 10, මහමුදුල් හසන් ජෝයි 16, ශදාත් හොසේන් 11, ප්‍රිටෝම් කුමාර් 10, අක්බාර් අලී 129 යි, රකිබුල් හසන් 36, හසන් මුරාඞ් 27, චාමික ගුණසේකර 58/9)

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 3 ට 81 යි
(නවෝද් පරණවිතාන 22, අභිෂේක් ලියනආරච්චි 11, අහන් වික්‍රමසිංහ නොදැවී 35, නහීද් රානා 28/2)


අදහස් (0)

ගුණසේකර අති විශිෂ්ට පන්දු යැවීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.