Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ගුජරාට් ටයිටන්ස්ට කඩුලු 7 ක ජයක්
අයි.පී.එල්. - 2024

ගුජරාට් ටයිටන්ස්ට කඩුලු 7 ක ජයක්

editorial - 2024 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතරමග අමාරුවේ නොවැටී, ක්‍රමාණුකූල ගමනක නිරත වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයෝ අහමදාබාද් නුවරදී අද (31 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කරමින් කඩුලු 8 ක පහසු ජයක් ලබාගත්හ. සන්රයිසස් පිල කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු 162, තරගයේ පන්දු 5 ක් ඉතිරිව තිබියදීම, කඩුලු 3 ක් පමණක් දැවී ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් පිතිකරුවෝ සමත් වූහ. 

තමන් අත කඩුලු රඳවාගනිමින් ඉලක්කය කරා අවතීර්ණ වූ ගුජරාට් පිල වෙනුවෙන් ඬේවිඞ් මිලර් තරගය අවසන් කළේ දැවැන්ත හයේ පහරක් ගසමිනි. 

ගුජරා්ට් නායක ෂුබ්මන් ගිල් තම පන්දු යවන්නන් නැණවත්ව හසුරුවාගත් හෙයින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 162 කට සීමා කෙරිණ. නායක පැට් කමින්ස් පළමුව පිතිහරඹය තෝරා ගත් නමුත් අඩුතරමේ එකම සන්රයිසස් පිතිකරුවකුට හෝ අර්ධ ශතකයක් ලබාගත නොහැකි විය. 

අවසන් ඕවරය ලකුණු 02 කට සීමාකරගත් මෝහිත් ෂර්මා කඩුලු 3 ක් දවාගත් අතර ඔහුගේ ඕවර 4 න් සන්රයිසස් පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 25 කි. අබ්දුල් සමාඞ්ගෙන් ප්‍රහාරයට ලක්වූවද පිට පිට පන්දු දෙකකදී ශබාස් අහමඞ් සහ වොෂිංටන් සුන්දර් දෙදෙනාම දවාගැනීමට මෝහිත් සමත් වූයේය. 

පළමු ඕවර 5 නිමාවේදී සන්රයිසස් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 40 කි. එය කිසිසේත්ම අයි.පී.එල්. තරගාවලියක් ජයගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ. අනෙක් අතට ඕවර 20 න් ඕවර 5 කදී පමණක් ලකුණු 10 කට වැඩියෙන් ලබාගැනීමත් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නැත. 


සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 8 ට 162 යි
(ට්‍රැවිස් හෙඞ් 19, මයාන්ක් අගර්වාල් 16, අභිෂේක් ශර්මා 29, ඒඞ්න් මාක්රම් 17, හෙන්රික් ක්ලාසන් 24, ශබ්හස් අහමඞ් 22, අබ්දුල් සමාඞ් 29, මෝහිත් ෂර්මා 25/3)

ගුජරාට් ටයිටන්ස් - ඕවර 19.1 කදී කඩුලු 3 ට 168 යි
(රිදිමන් සහා 25, ෂුබ්මන් ගිල් 36, සායි සුදර්ශන් 45, ඬේවිඞ් මිලර් නොදැවී 44, විජේ ශංකර් නොදැවී 14)

(ඡායාරූපය - ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අනුග්‍රහයෙනි)

-213


අදහස් (0)

ගුජරාට් ටයිටන්ස්ට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.