Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 5 ක් පුරා ඉන්දීය එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ විරාට් කෝලී ඉවත් කර නව නායකයා ලෙස රෝහිත් ෂර්මා පත් කිරීමට ඉන්දීය ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. විරාට් කෝලීගේ නායකත්වය අවසන් කිරීමට හේතු පැහැදි නොකළ තේරීම් කමිටුව, රෝහිත් ”ඉදිරියට” එක්දින සහ විස්සයි20 කණ්ඩායම් දෙකේම නායකත්වය භාර ගත යුතු බවට තීරණය කර ඇත.
එමෙන්ම ටෙස්ට් කණ්ඩායමේ උපනායකයා ලෙස මෙතෙක් කටයුතු කළ අජින්ක්‍යා රහනේ ඉවත් කර ඒ වෙනුවට රෝහිත් ෂර්මා පත්කර ඇත.
විස්සයි20 ලෝක කුසලානයට දින කිහිපයකට පෙර සැප්තැම්බර් මාසයේදී විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව තමා ඉන්දීය විස්සයි20 නායකත්වයෙන් ඉවත් වන බව කෝලි කලින් නිවේදනය කර තිබුණි.
ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් වලදී ඉන්දියාවට නායකත්වය දීමට ”සම්පූර්ණයෙන්ම සූදානම්” වීමට තමාට පැටවී ඇති විශාල බරකින් නිදහස්වීම සඳහා විස්සයි20 නායකත්වයෙන්තමා ඉවත් වන බව මෙහිදී කෝලී පැවසීය.
ඉකුත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මුලීක වටයේදී පාකිස්තානය සහ නවසීලන්තය හමුවේ ලද පරාජයෙන් පසුව ඉන්දියාවට පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීමට නොහැකි විය.
2017 ජනවාරි මාසයේදී පූර්ණ කාලීනව එක්දින කණ්ඩායමේ වැඩ භාර ගත් කෝලී, එක්දින තරඟ 50ක් හෝ ඊට වැඩි ගණනකට නායකත්වය දුන් නායකයින් 60 දෙනාගෙන් වඩා හොඳ ජය-පරාජ වාර්තාවක් ඇති ක‍්‍රීඩකයන් තිදෙනාගෙන් එක් අයෙකි. නමුත් ඔහු යටතේ අයි.සී.සී තරඟාවලියක් ජයග‍්‍රහණය කිරීමට ඉන්දියාව අසමත් විය. 2017 චැම්පියන්ස් කුසලානයේ අනුශූරයන් බවට පත් වූ අතර 2019 දී පැවැති ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත්වීමට සිදුවිය.
කෝලීගේ නායකත්වය යටතේ පළමු වරට පසුගිය මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහභාගිවූ විස්සයි20 ලෝක කුසලානයේ මූලික වටයෙන්ද ඉවත්වීමට සිදුවිය.
විස්සයි20 නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කරන අවස්ථාවේදී ටෙස්ට් නායකයා ලෙස කටයුතු කිරීමත් සමඟ එක්දින නායකයා ලෙස දිගටම කටයුතු කිරීමට කෝලි කැමැත්ත ප‍්‍රකාශ කර තිබුණි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.