Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොළඹින් 9 ක් අයි.පී.එල්. යති

කොළඹින් 9 ක් අයි.පී.එල්. යති

editorial - 2021 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති විස්සයි-20 තරගාවලියේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ 9 දෙනෙක් අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරති. මෙම ක්‍රීඩකයන් සියලුමදෙනා අද (15 වැනිදා) විශේෂ ගුවන් යානයකින් ඩුබායි බලා ගෙන්වාගැනීමට අයි.පී.එල්. කණ්ඩායම් හිමිකරුවෝ පියවර ගත්හ.

ඔවුන් සියලු දෙනා ඩුබායිහිදී දින දෙකක නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ යුතුය. ඒ අනුව සියලුම ක්‍රීඩකයන් අයි.පී.එල්. දෙවැනි අදියරේ පළමු තරගයේ සිටම ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇත. මේ වන විට පැවැත්වෙමින් තිබෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්.) තරගාවලියේ ක්‍රීඩකයෝද අයි.පී.එල්. තරගාවලියට සහභාගි වෙති.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ ඉල්ලීමක් මත ක්‍රීඩකයන්ට බලපැවැත්වෙන නිරෝධායන කාල සීමාව දින 2 ක් දක්වා අඩු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය එකඟ වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම නිර්දේශ අනුව ජෛව බුබුළකින් තවත් ජෛව බුබුළකට මාරුවීමට ක්‍රීඩකයන්ට අවසර දී තිබේ.

අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියරේ පළමු තරගය මේ මස 19 වැනිදා මුම්බායි ඉන්දියන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ විමට නියමිතය.


ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පසුව අයි.පී.එල්. ගිය ක්‍රීඩකයෝ

■    වනිඳු හසරංග (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
■    දුෂ්මන්ත චමීර (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
■    ඩේවිඩ් මිලර් (රාජස්ථාන් රෝයල්ස්)
■    තබ්රේස් ශම්සි (රාජස්ථාන් රෝයල්ස්)
■    ඇන්රික් නෝයේ (දිල්ලි කැපිටල්ස්)
■    කගීසෝ රබාඩා (දිල්ලි කැපිටල්ස්)
■    ඒඩ්න් මාක්රම් (පන්ජාබ් කිංග්ස්)
■    ක්වින්ටින් ඩි’කොක් (මුම්බායි ඉන්දියන්ස්)
■    ලුන්ගි න්ගිඩි (චෙන්නායි සුපර් කිංග්ස්)


- 213

 


අදහස් (0)

කොළඹින් 9 ක් අයි.පී.එල්. යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.