Last Update  :  2025-05-10 11:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොදෙව්වෝ ටෙස්ට් තරගාවලිය දිනති
ශා. ජෝර්ජ් ටෙස්ට් තරගය

කොදෙව්වෝ ටෙස්ට් තරගාවලිය දිනති

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කයිල් මේයර්ස් (18/5) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාවන් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශාන්ත ජෝර්ජ්හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (27 වැනිදා) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමටද කොදෙව් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 28 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව්වෝ කිසිවකු නොදැවී පහසුවෙන්ම ඉලක්කය පසුකර ගියහ.

තෙවැනි දිනය වූ ඊයේ (26 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම ලකුණු 103 කට කඩුලු 8 ක් අහිමිකර ගනිමින් අසීරූ අඩියක පසු විය.

සිව්වැනි දිනය වූ අද දිනයේ ඕවර 13 ක් තුළ ඉතිරි කඩුලු 2 ත් දවාගනිමින් එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 120 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කයිල් මේයර්ස් ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් මෙල්ල කළේය. ඒ සඳහා ඔහුට අනගි සහයක් දුන් කෙමාර් රෝච් කඩුලු 2 ක් දවාගත්තේය.


එංගලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 204
බ. ඉ. කොදෙව් පළමු ඉනිම - සියලුදෙනා දැවී 297
එංගලන්ත දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 120

(ඇලෙක්ස් ලීස් 31, ජොනි බෙයාර්ස්ටෝ 22, කයිල් මේයර්ස් 18/5, කෙමාර් රෝච් 10/2)
බ. ඉ. කොදෙව් දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 28

- 2079

 


අදහස් (0)

කොදෙව්වෝ ටෙස්ට් තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.