Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා එක්දින ලෝක කුසලාන තරගවලියේ සුදුසුකම් ලබාගැනීමේ අදියරට පෙර කණ්ඩායම් දෙකටම අවශ්‍ය තරග පුහුණුව ලබාගැනීම සඳහා තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ගෙන්වා ගැනීමට පාකිස්තාන ක‍්‍රිකට් මණ්ඩලයේ නිලධාරින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටිති. සාකච්ඡා සාර්ථක වුවහොත්, පසුගිය වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලයෙන් මාස 18 කට පසුව ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සහභාගිවන පළමු තරගාවලිය මෙය වනු ඇත.
ක‍්‍රීඩකයින්ගේ ”මානසික හා ශාරීරික සුවතාවය” මෙන්ම ආරක්ෂාව ගැන කනස්සල්ල පළ කරමින් ඔක්තෝබර් මැද භාගයේදී පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව සිටි එංගලන්ත පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉන් ඉවත් කර ගන්නා ලදි. එයින් පසුව ද්විපාර්ශ්වික තරග මාලාවක් සඳහා ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක‍්‍රිකට් ආයතන අතර සාකච්ඡුා පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියට එක්වී ඇති බැවින් ඇයට පාකිස්තානු තරගාවලිය මඟහැරී යනු ඇත. එබැවින් හර්ෂිතා මාධවි ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙය වනු ඇත.
චමරි අතපත්තු මේ වන විට ඇඩිලේඞ් හි සිටින අතර පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සමඟින් නිරෝධායනයට ලක්වී ඇත.
මෙම එක්දින තරඟ තුන තහවුරු වුවහොත් දින හතක ස්වයං නිරෝධායන කාලයකින් පසු, ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඔක්තෝබර් 15 දා පාකිස්තානය බලා පිටත් වේ. කාලසටහනට පුහුණු තරගයක්ද ඇතුළත්වේ.
”ඔක්තෝම්බර් මාසයේදී අපි අවම වශයෙන් අවුරුදු 17 න් පහළ පිරිමි ළමයින් සමඟ තරග නවයක්වත් ක‍්‍රීඩා කිරීමට උත්සාහ කරනවා,” යැයි ජාතික කාන්තා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පැවසීය.
”අපි දඹුල්ලේ සති තුනක පුහුණු වැඩසටහනක් ද අවසන් කළා. එය ඉතා හොඳින් සිදු වුනා. එබැවින් අපි උත්සහ කරන්නේ එම ක‍්‍රියාවලිය ඉදිරියට කරගෙන ගොස් ඔවුන්ට නියමිත කාලයේදී වැඩි අභියෝග ලබා දීමටයි” යැයි තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
වසර ආරම්භයේ සිටම තරගාවලියක් ස`දහා පාකිස්තාන කාන්තා කණ්ඩායමක් ගෙන්වා ගැනීමට උත්සාහ කළ නමුත් ඒ සඳහා අවස්ථාවක් හිමිනොවූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියයි.
”ඔවුන්ව (පාකිස්තානය) ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපට අවශ්‍යතාවයක් තිබුණා, නමුත් අපි බොහෝ තරඟාවලි ක‍්‍රීඩා කිරීම නිසා අපට එකවර ජෛව ආරක්‍ෂිත බුබුලූ සෑදීමට නොහැකි වූනා’’ යැයි සිල්වා මහතා පැවසීය.
”අපට සම්පත් පිළිබඳ ගැටලූවක් පැවතුනා. බොහෝ බුබුලූ හැසිරවීමට අවශ්‍ය වෛද්‍යවරුන් ප‍්‍රමාණයක් අපට සොයා ගැනීමට නොහැකි වුනා”
”අපි ඔවුන්ට මෙහි සත්කාරකත්වය දීමට ගිය නමුත්, පසුව අපි දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය පිරිමි කණ්ඩායම් සමඟ සංචාර දෙකක් පැවැත්වීමට කටයුතු කළා. තවත් කණ්ඩායම් (19 න් පහළ සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිත) කිහිපයක් සඳහා බුබුලු සහ පුහුණුවීම් තිබුණා. මේ තරම් බුබුලූ ප‍්‍රමාණයක් හැසිරවීමට අපට සම්පත් විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය වුණා. ඒ නිසා කාන්තා කණ්ඩායමේ කටයුතු ටිකක් පමා වුණා”
”නමුත් අපි අවස්ථාවක් ගැන විමසිල්ලෙන් සිටියේ. දැන් අවස්ථාවක් විවෘත වී තිබෙනවා. ඔවුන්ම අපට ආරාධනා කළ නිසා අපි එම අදහසට පැනලා කැමති වුනා” යයි ද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
ඔක්තෝම්බර් මාසයේදී කණ්ඩායම් 4 කින් සමන්විත ආරාධිත (කාන්තා) තරඟාවලියක් ( ඕවර 50) පැවැත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සැලසුම් කර තිබුණි. නමුත් තිබෙන තත්වය අනුව එම තරගාවලිය පැවැත්වීමට නොහැකි වන අතර කාන්තා කණ්ඩායම පාකිස්ථානයෙන් ආපසු පැමිණී පසු නැවත නොවැම්බර් 15 වෙනිදා සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතව ඇත.
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.