Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හෙට (05 වැනිදා) ආරම්භ වන අළු බඳුන තරගාවලියේ සිව්වැනි තරගය සඳහා එංගලන්ත සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් වෙනස්කමක් පමණක් කර ඇත. ඒ අනුව ඔලී රොබින්සන් වෙනුවට ස්ටුවර්ට් බ්‍රෝඞ් එංගලන්ත කණ්ඩායමටද, ට‍්‍රැවිස් හෙඞ් වෙනුවට උස්මාන් කවාජා ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමටද කැඳවනු ලැබ සිටිති.
උරහිසක සුළු ආබාධයකට ලක්ව ඇති ඔලී රොබින්සන් වෙනුවට 35 හැවිරිදි ස්ටුවර්ට් බ්‍රෝඞ් කණ්ඩායමට කැඳවා ඇති අතර කොරෝනා වයිරසය ආසාදනය වූ ට‍්‍රැවිස් හෙඞ් වෙනුවට උස්මාන් කවාජා කණ්ඩායමට කැදවීය.
අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයට එක්වූ ස්ටුවර්ට් බ්‍රෝඞ් සිය 150 වැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ නමුත් වේගපන්දු යවන්නන්ට උචිත බි‍්‍රස්බේන් සහ මෙල්බර්න්හී පැවැති පළමු සහ තෙවැනි ටෙස්ට් තරග සඳහා ක‍්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාවක් හිමි නොවීය.
2019 අගෝස්තු මාසයේ හෙඩිංග්ලිහි පැවැති අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් පසුව පළමු වරට හෙට තරගයේදී ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන් 11 දෙනා අතරට එක්වීමේ අවස්ථාව උස්මාන් කවාජාට හිමිව ඇත. පළමු සහ දෙවැනි තරගය සඳහා ඕස්ටේ‍්‍රලියානු සංචිතයට ඔහුව එක්කර තිබුණද ක‍්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීය.
ආබාධවලට ලක් වූ ජොෂ් හේසල්වුඞ් සහ ජායි රිචර්ඞ්සන් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් තෙවැනි තරගයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්කොට් බෝලන්ඞ් සිව්වැනි තරගය සදහා ද නම් කිරීමට ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
එංගලන්ත ප‍්‍රධාන පුහුණුකරු ක‍්‍රිස් සිල්වර්වුඞ් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් සිව්වැනි තරගයේදී පිතිහරඹ පුහුණුකරු ග‍්‍රැහැම් තෝප් මහතා එංගලන්ත කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබේ.
සිල්වර්වුඞ් මහතාට අමතරව පන්දු යැවීමේ පුහුණුකරු ජොන් ලූවිස්, දඟ පන්දු යැවීමේ පුහුණුකරු ජීතන් පතෙල් සහ ශක්ති වර්ධන අංශ ප‍්‍රධානී ඩැරන් වේනස් යන තිදෙනාද කොරෝනා වයිරසය වැළඳීමෙන් පසු මේ වනවිට හුදෙකලාව සිටිති.
සත්කාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේ වන විටත් තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත්වී ඇත. දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගය හෙට (5 වැනිදා* සිඞ්නි හී දී ආරම්භ වීමට නියමිතය.
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම
පැට් කමින්ස් (නායක), ඬේවිඞ් වෝනර්, මාකස් හැරිස්, මානස් ලැබුෂේන්, ස්ටීව් ස්මිත්, උස්මාන් කවාජා, කැමරන් ග‍්‍රීන්, ඇලෙක්ස් කේරී, මිචෙල් ස්ටාක්, ස්කොට් බෝලන්ඞ්, නේතන් ලයන්.
එංගලන්ත කණ්ඩායම
ජෝ රූට් (නායක), හසීබ් හමීඞ්, සැක් ක‍්‍රව්ලි, ඬේවිඞ් මලන්, බෙන් ස්ටෝක්ස්, ජොනී බෙයාර්ටෝ, ජොස් බට්ලර්, මාක් වුඞ්, ජැක් ලීච්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජේම්ස් ඇන්ඩර්සන්.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.