Last Update  :  2025-06-28 12:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කමිඳුගේ - ඒෂාන්ගේ දස්කම් මැද ලක්නව් ඉවතට
අයි.පී.එල්. - 2025

කමිඳුගේ - ඒෂාන්ගේ දස්කම් මැද ලක්නව් ඉවතට

editorial - 2025 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 61 වැනි තරගය ලෙස ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ලක්නව් නුවරදී ඊයේ (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. මෙය හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ සිවුවැනි ජයද විය. 

ලක්නව් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 5 වැනි පරාජය මෙය වූ අතර මෙම පරාජයත් සමග තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවසන් අවස්ථාවද ලක්නව් කණ්ඩායමෙන් ගිළිහී ගියේය. හයිදාබාද් කණ්ඩායම මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී ඇති බැවින් මෙම තරගයේදී ලැබූ ජයග්‍රහණයෙන් ඔවුන්ට කිසිදු බලපෑමක් සිදු නොවීය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්යක් හඹාගිය ගිය හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 20 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 59 ක් රැස්කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා මාවත විවර කළේය. 

හෙන්රිච් ක්ලාසන් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 47 ක්ද, කමිඳු මෙන්ඩිස් පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක්ද රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. එහිදී ඉෂාන් කිෂන් පන්දු 28 කින් ලකුණු 35 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 205 ක් ලබාගත් අතර එහිදී පන්දු 26 කට මුහුණදුන් නිකලස් පූරන්, හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග වේගවත් ලකුණු 45 ක් රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 

ලක්නව් ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මිචෙල් මාෂ් (65) සහ ඒඩ්න් මාක්‍රම් (61) සමත් වූහ. පන්දු 39 කදී වාර්තා වූ මාෂ්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින්ද, පන්දු 38 කදී වාර්තා වූ මාක්‍රම්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින්ද සමන්විත විය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඒෂාන් මාලිංග සිය ඕවර 4 ලකුණු 28 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැමීම සඳහා අගනා උඩ පන්දුවක් රැක ගැනීමටද සමත් විය. එහිදී රිෂාබ් පාන්ට් දවාගැනීම සඳහා තමාගේම පන්දුවක් හමුවේ ඒෂාන් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුව විචාරකයන්ගේ පැසසුමටද ලක්විය. 


ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 205 
(මිචෙල් මාෂ් 65, ඒඩ්න් මාක්‍රම් 61, නිකලස් පූරන් 45, ඒෂාන් මාලිංග 28/2) 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 18.2 කදී කඩුලු 4 ක් දැවී 206 
(අභිෂේක් ශර්මා 59, ඉෂාන් කිෂන් 35, හෙන්රිච් ක්ලාසන් 47, කමිඳු මෙන්ඩිස් 32, දිග්වේෂ් සිං රාති 37/2) 

 

-036 


අදහස් (0)

කමිඳුගේ - ඒෂාන්ගේ දස්කම් මැද ලක්නව් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.