Last Update  :  2025-08-15 14:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කණ්ඩායම සමබර නැතැයි චෝදනා

කණ්ඩායම සමබර නැතැයි චෝදනා

යොහාන් භාසුර - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී මේ මස 17 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට එකඳු යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයකට හෝ ක්‍රීඩා කර නොමැති වේග පන්දු යවන්නකු වන මතීෂ පතිරණ ඇතුළත් කිරීම පිළිබඳව විවේචන එල්ල වී තිබේ. දකුණතින් වේග පන්දු යවන මතීෂ, ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරමින් බංග්ලාදේශයට එරෙහිව සිව්දින තරගයකට පමණක් ක්‍රීඩා කර තිබේ.

මෙම සංචිතයේ ආරම්භක පිතිකරුවන් සහ අංක 3 ස්ථානවල පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් හත්දෙනකු සිටින බවත් සමබර සංචිතයක් තෝරාගෙන නොමැති බවටත් චෝදනා එල්ල වේ. කොදෙව් සංචාරයට සහභාගි වූ සංචිතයේ සිටි ආබාධයකට ලක්වූ චමිදු වික්‍රමසිංහ වෙනුවට ද තවත් ආරම්භක පිතිකරුවකු කැඳවා ඇති බවට චෝදනා නැඟේ.  

නායක නිපුන් ධනංජය පමණක් මැද පිතිකරුවකු වන අතර අංක 6 ස්ථානයේ සාර්ථක පිතිකරුවකු වන අවිෂ්ක තරිඳු සංචිතයෙන් ඉවත්කිරීම විශාල පාඩුවක් බව ද තතු දන්නෝ පවසති.

මෙම චෝදනා පිළිබඳව කනිෂ්ඨ තේරීම් කමිටු සාමාජික සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ කළමනාකරු ෆර්විස් මහරුෆ් මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ අවසන් තේරීම් පිළිබඳව කනිෂ්ඨ තේරීම් කමිටුවට වගකිව නොහැකි බවයි.

“අපි ක්‍රීඩකයන් 60 ක පමණ සංචිතයක් තමයි ජාතික තේරීම් කමිටුවට ලබාදුන්නේ. ඔවුන් තමයි මේ 15 තෝරලා තියෙන්නේ” යැයි මහරුෆ් මහතා වැඩි දුරටත් පැවසීය.

 කනිෂ්ඨ තේරීම් කමිටුව ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් සංචිතයක් යොමු කළ ද ජාතික තේරීම් කමිටුව එය වෙනස් කර ඇති බවට ද චෝදනාවක් එල්ල වේ.

ශ්‍රී ලංකා යොවුන් සංචිතය මේ වන විට දඹුල්ලේ විශේෂ පුහුණු සැසියකට සහභාගි වී සිටින අතර මේ මස 9 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.  

ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ඉන්දීය පිලට එරෙහිව ජනවාරි මස 19 වැනිදා පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ ලෝක කුසලාන සංචිතය:
නිපුන් ධනංජය (නායක), කමිල් මිෂාර (උප නායක), නවෝද් පරණවිතාන, අහන් වික්‍රමසිංහ, තවීෂ අභිෂේක්, රවිඳු රෂාන්ත, මොහොමඞ් ශමාස්, සොනාල් දිනූෂ, චමිඳු විජේසිංහ, ඩිල්ෂාන් මධුශංඛ, අම්ෂි ද සිල්වා, මතීෂ පතිරණ, දිලුම් සුධීර, කවිඳු නදීෂාන් සහ අෂේන් ඩැනියල්

 


අදහස් (2)

කණ්ඩායම සමබර නැතැයි චෝදනා
  • sam Saturday, 04 January 2020 03:55 AM

    අහන්න දෙයක් නෑ. තේරීම් කමිටුවේ අය රටගැනවත් ක්‍රීඩාවේ ඉදිරිය ගැනවත් නෙවේ හිතන්නේ. ඒ අයගේ මඩිය තර කරගන්නයි. කිසිම දක්ෂකමක් නැති අය තෝරාගෙන. ලංකාවේ ක්‍රිකට් නැතිම කරනවා. මෙහෙ මුන් ගසාකනවා. අරහේ ජෝකර් කෙනෙක් කණ්ඩායම විනාශ කරනවා.රටක ක්‍රීඩාව නැති කරන සත්තු.

    Reply 0       0

    SK Sunday, 05 January 2020 01:59 AM

    අසන්ත ද මැල් ක්‍රිකට් නැති කරනවා. පන්දමට තමයි තෝරන්නේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.