Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේතන් ලයන් (91/4) ඇතුළු පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් බි‍්‍රස්බේන්හි පැවැති අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලූ 9 කින් ජයගැනීමට ඕස්ටේ‍්‍රලියාව අද (11 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඕස්ටේ‍්‍රලියාවට හැකිවිය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 20 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ‍්‍රලියාව එක් කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමින් ඉලක්කය පසුකර යෑමට සමත්විය.
තෙවැනි දිනට ඊයේ (10 වැනිදා) තරගය අවසන් කරන විට සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි ඬේවිඞ් මලාන් සහ ජෝ රූට් අද උදෑසන තෙවැනි සහ සිව්වැනි කඩුලූ ලෙස දැවීයාමත් සමගින් එංගලන්ත ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. ඔවුන් දෙදෙනා දැවී යන විට එංගලන්ත ඉනිමට ඉක්වී තිබුනේ තවත් ලකුණු 9 ක් පමණි.
ඬේවිඞ් මලාන් සහ ජෝ රූට් දැවී යාමත් සමගින් පිටියට පිවිසි කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ අතර එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 297 කට සීමා විය. ඉනිමක පරාජයෙන් ගැලවීමට එංගලන්ත කණ්ඩායමට හැකි වුවද ලකුණු 77 ක් තුල පිතිකරුවන් 8 දෙනෙකු දවා ගැනීමට ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත්වූහ.
නේතන් ලයන් කඩුලූ 4 ක් ද, කැමරන් ග‍්‍රීන් සහ පැට් කමින්ස් කඩුලූ 2 බැගින්ද, මිචෙල් ස්ටාක් සහ ජොෂ් හේසල්වුඞ් කඩුල්ල බැගින්ද දවාගනිමින් ඕස්ටේ‍්‍රලියාව ජයග‍්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
එංගලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 147
(හසීබ් හමීඞ් 25, ඔලී පොප් 35, ජොස් බට්ලර් 39, ක්‍රිස් වෝක්ස් 21, පැට් කමින්ස් 38/5, මිචෙල් ස්ටාක් 35/2, ජොෂ් හේසල්වුඞ් 42/2)
ඕස්ටේ‍්‍රලියා පළමු ඉනිම - සියලුදෙනා දැවී 425
(ඬේවිඞ් වෝනර් 94, මානස් ලැබුෂේන් 74, ට‍්‍රැවිස් හෙඞ් 152, මිචෙල් ස්ටාර්ක් 35, ඔලී රොබින්සන් 58/3, මාක් වුඩ් 85/3, ක‍්‍රිස් වෝක්ස් 76/2)
එංගලන්ත දෙවැනි ඉනිම - සියලූදෙනා දැවී 297
(හසීබ් හමීඞ් 27, ඬේවිඞ් මලාන් 82, ජෝ රූට් 89, ජොස් බට්ලර් 23, නේතන් ලයන් 91/4, කැමරන් ග‍්‍රීන් 23/2, පැට් කමින්ස් 51/2)
ඕස්ටේ‍්‍රලියා දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 20
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.