Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 3 කට 126 යි
අළු බඳුන

ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 3 කට 126 යි

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ සිවුවැනි තරගය අද (5 වැනිදා) සිඞ්නි කි‍්‍රකට කී‍්‍රඩාංගණයේදී ආරම්භ වුවත්, වර්ෂාව හේතුවෙන් පළමු දිනය  ඕවර 46.5 කට සීමාවිය. එහිදි කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියානුවෝ තරගය නතර කරන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 126 ක් ලබා සිටියහ.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඬේවිඞ් වෝනර් (30) සහ මාකස් හැරිස් (38) සමත් වූ නමුත් ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දුවක් හමුවේ සැක් ක්‍රෝලි අතට උඩ පන්දුවක් දෙමින් වෝනර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. වෝනර්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය. එය අළු බඳුන තරගයකදී ස්ටුවර්ට් බ්‍රෝඞ් විසින් ඬේවිඞ් වෝනර් දවාගත් 13 වැනි අවස්ථාවයි.

වෝනර්ගේ දැවී යෑමෙන් අනතුරුව මානස් ලැබුෂේන් (28) සමග එක්වූ හැරිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. එම සම්බන්ධතාව බිඳ වැටුණේ ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් හමුවේ ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් හැරිස් දැවී යෑම හේතුවෙනි. දැවීයන විට හැරිස්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ.

ඉන් අනතුරුව ලැබුෂේන්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැුදී සිටීමට මාක් වුඞ් ඉඩක් ලබා නොදුන් අතර කඩුලූ රකින කී‍්‍රඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දිනයේ අවසන් කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. වර්ෂාව හේතුවෙන් පළමු දිනය සඳහා තරගය නතර කරන විට ස්ටීවන් ස්මිත් ලකුණු 6 ක්ද, උස්මාන් කවාජා ලකුණු 4 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.


ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිම - කඩුලූ 3 ක් දැවී 126
(ඩේවිඩ් වෝනර් 30, මාකස් හැරිස් 38, මානස් ලැබුෂේන් 28)

-036

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 3 කට 126 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.