Last Update  :  2025-08-15 14:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියාව 3-0 කින් නවසීලන්තය පරදවයි

ඕස්ට්‍රේලියාව 3-0 කින් නවසීලන්තය පරදවයි

editorial - 2020 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නිහිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 279 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (6 වැනිදා) සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 415 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 136 ක් පමණි. එහිදී නවසීලන්ත දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ වූ කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 52 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වෙමින් පළමු ඉනිමේදී ලකුණු 68 කට කඩුලු 5 ක් දවාගත් නේදන් ලයන්, දෙවැනි ඉනිමේදීද ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 50 කට කඩුලු 5 ක් දවාගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය තවත් පහසු කරමිනි. එය ඔහු ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් 16 වැනි අවස්ථාව ලෙසද සටහන් විය.

තෙවැනි දිනය වූ ඊයේ (6 වැනිදා) තරගය නිමාවන විට කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 177 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා නවසීලන්ත කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. දිනයේ පළමු කඩුල්ල ලෙස ජෝ බර්න්ස් ලකුනු 40 කට දැවී ගියේ ටොඩ් ඇස්ටේල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.

මැතිව් හෙන්රිගේ පන්දුවක් හමුවේ ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් මානස් ලැබුෂේන් ලකුණු 59 කට දැවී යෑමත් සමග සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් තීරණය කළ අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි ආරාම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 111 ක් ලබා සිටියේය.

ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම සියලු දෙනා දැවී 454
(ඩේවිඩ් වෝනර් 45, ජෝ බර්න්ස් 18, මානස් ලැබුෂේන් 215, ස්ටීවන් ස්මිත් 63, මැතිව් වේඩ් 22, ට්‍රැවිස් හෙඩ් 10, ටිම් පේන් 35, මිචෙල් ස්ටාක් 22, කොලින් ඩි’ග්‍රැන්ඩ්හෝම්78/3, නීල් වැග්නර් 66/3, ටොඞ් ඇස්ට්ල් 111/2)

නවසීලන්තය - පළමු ඉනිම සියලු දෙනා දැවී 251
(ටොම් ලේතම් 49, ටොම් බ්ලන්ඩල් 34, ජීත් රාවල් 31, රොස් ටේලර් 22, ග්ලෙන් පිලිප්ස් 52, කොලින් ඩි’ග්‍රැන්ඩ්හෝම් 20, ටොඩ් ඇස්ට්ල් නොදැවී 25, පැට් කමින්ස් 44/3, නේදන් ලයන් 68/5)

ඕස්ට්‍රේලියාව- දෙවැනි ඉනිම කඩුලු 2 ක් දැවී 217
(ඩේවිඩ් වෝනර් නොදැවී 111, ජෝ බර්න්ස් 40, මානස් ලැබුෂේන් 59)

නවසීලන්තය - දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 136
(රොස් ටේලර් 22, බී.ජේ. වොට්ලින් 19, කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් 52, ටොඞ් ඇස්ට්ල් 17, නේදන් ලයන් 40/5, මිචෙල් ස්ටාක් 25/3)

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියාව 3-0 කින් නවසීලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.